Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th December 2019 13:00:02 Hours

යාපනය ප්‍රදේශයේ ස්ථානගත 51, 52 සහ 55 සේනාංකයන්හි යුද්ධ හමුදා සාමාජිකයින් නත්තල් උත්සව සංවිධානය කිරීමට සිය සහයෝගය දක්වයි

ගෙවිගිය වසරවල මෙන්ම, යාපනය අර්ධද්වීපයේ වෙසෙන කතෝලික බැතිමතුන් වෙනුවෙන් නත්තල් දිනට පෙර සහ නත්තල් දිනයේදී නත්තල් සැමරුම් උත්සව සංවිධානය කිරීමට යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ ඒකකයන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ඉකුත් (25) දින සිය සහයෝගය ලබා දුන්හ.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ උපදෙස් මත 51 වන සේනාංකයේ සේනාංකාධිපති ගේ අධික්‍ෂණය යටතේ එම සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් කතෝලික දේවස්ථාන පරිශ්‍රයන් පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් සංවිධානය කරන ලදී. 511, 512, 513 සහ 515 වන බලසේනාවන්හි යුද්ධ හමුදා සාමාජිකයින් බැතිමතුන් සහ දේවස්ථානවල පූජකවරුන් සමඟ එක්ව යාපනය, ඔට්ටාපුලම්, ඉලාලි දකුණ, තිරුනවේලි, නවන්තුරෙයි උතුර, චන්කානෙයි නැගෙනහිර, පරියාවිල්, සිල්ලාලෙයි, අලවෙඩ්ඩි බටහිර, වලලෙයි, මිරුසවිල් යන ප්‍රදේශවල පිහිටි කතෝලික දේවස්ථාන පිරිසිදු කර නත්තල් දිනයට පෙර ආකර්ෂණිය නත්තල් ගස්, ගව ලෙන් සරසා අලංකාරවත් කරන ලදී. මේ අතර, යුද්ධ හමුදා සාමාජිකයින් තිරුනවේලි හන්දිය, 511 වන බලසේනා මූලස්ථානය ඉදිරිපිට, යාපනය කොටුව අසල, පන්නෙයි වටරවුම, යාපනය තැපැල් කාර්යාලය ඉදිරිපිට ප්‍රදේශය සහ ළමා උද්‍යානය සුන්දර හා ආකර්ශනීය ලෙස සරසන ලදී.

එමෙන්ම, 52 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ එම සේනාංකය යටතේ ස්ථාපිත 521, 522 සහ 523 වන බලසේනාවන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් බැතිමතුන් හා පූජකවරුන් සමඟ එක්ව අච්චුවෙයිලි, චාවකච්චේරි සහ මිරුසුවිල් යන ප්‍රදේශවල පිහිටි කතෝලික දේවස්ථාන පිරිසිදු කිරීම් හා අලංකාරවත් කිරීමේ කටයුතු සිදුකරනු ලැබීය.

තවද, 55 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ අධීක්‍ෂණය යටතේ එම සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් නත්තල් සැමරුමට සමඟාමීව වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලදී. ඒ අතර 551, 552 සහ 553 බලසේනාවේ යුද්ධ හමුදා සාමාජිකයින් බැතිමතුන් සහ පූජකවරුන් සමඟ එක්ව පේදුරුතුඩුව, අයියකච්චි, කාකතිව් දුපත, කට්කෝවලම්, මූහමාලේ, වෙත්තලකර්නි සහ මරදන්කර්නි ප්‍රදේශවල පිහිටි කතෝලික දේවස්ථාන අවට පිරිසිදු කිරීම් කටයුතු සිදුකරන ලදී.

මේ අතර, යුද්ධ හමුදා සාමාජිකයින් නත්තල් උත්සවයට සමගාමීව 55 වන සේනාංක මූලස්ථානය ඉදිරිපිට, අලිමංකඩ රණවිරු සැමරුම් ස්මාරකය, මරදන්කර්නි හන්දිය සහ පේදුරුතුඩුව නගරයේ පිහිටි කඩෙයිකාඩූ හන්දිය ආකර්ශනීය ලෙස අලංකාර කළහ. Sports News | Cactus Plant Flea Market x Nike Go Flea Collection Unveils "Japan Made" Season 4