Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th December 2019 08:00:53 Hours

22 වන යුද්ධ හමුදා පැරා ක්‍රීඩා උළෙල - 2019 උත්සවාකාරයෙන් නිමාවේ

විවිධ ක්‍රීඩා කෞෂලයන්ගෙන් හෙබි නොසැලෙන ධෛර්යයකින් යුත් මානුෂීය මෙහෙයුමේදි විවිධ ආබාධවලට ලක්වු යුද්ධ හමුදා රණවිරුවන් 700 කගේ පමණ සහභාගිත්වයෙන් පැවැති 22 වන ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරා ක්‍රීඩා උළෙල - 2019’ අද (29) දින සුගතදාස ක්‍රීඩාංගනයේදී අලංකාරවත් සංදර්ශනයකින් අවසන් වූහ.  

යුද්ධ හමුදාවේ සියලුම රෙජිමේන්තු නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගේ සහභාගිත්වයෙන් දෙසැම්බර් මස 27, 28 සහ 29 යන තෙදින පුරා පැවැති 22 වන යුද්ධ හමුදා පැරා ක්‍රීඩා උළෙල - 2019 හී සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ගේ ආරාධනයකට අනුව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා සහභාගි වූ අතර මෙම ක්‍රීඩා උළලේ ජවන හා පිටිය තරඟ ඉසව්වන්හි ජයග්‍රහණ ලබාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත කුසලාන සහ සහතිකපත් පිරිනැමීමට ද එතුමන් එක්විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න, යුද්ධ හමුදා පැරා ක්‍රීඩා කමිටුවේ සභාපති විසින් උණුසුම් අයුරින් පිළිගැනීමේන් අනතුරුව ප්‍රධාන පිඨිකාව වෙත කැටුව යන ලදී.  

මෙවර යුද්ධ හමුදා පැරා ක්‍රීඩා උළෙල දී ක්‍රීඩක ක්‍රීඩිකාවන් රෝද පුටු පැසි පන්දු, බැඩ්මින්ටන්, බයිසිකල් පැදීම, රෝද පුටු මැරතන්, දුනු විදිම, බර ඉසිලිම, අත් පන්දු, ආසන මත සිට කෙරෙන අත් පන්දු ක්‍රිඩාව, වෙරළ අත් පන්දු, මේස පන්දු, ක්‍රීකට්, පිහිනුම්, රෝද පුටු මේස පන්දු, වායු රයිෆල් වෙඩි තැබිම් සහ මලළ ක්‍රීඩා වැනි විවිධ තරඟ ඉසව් රැසක් සඳහා සහභාගි විය.

ශ්‍රී ලංකා පාබල හමුදාවේ අභීත සෙබළුන් මේ වසරේ පැරා ක්‍රීඩා උලළේ සමස්ත ශූරතාවය දිනාගත් අතර ගජබා රෙජිමේන්තුව සහ විජයබාහු පාබල රෙජිමේන්තුව පිළිවෙලින් අනුශූරතාව සහ තෙවන ස්ථානය දිනා ගත්හ. මෙම අවස්ථාවට ඩයලොග් ආසියාටා සමාගම විසින් අනුග්‍රහකත්වය දක්වනු ලැබීය.

වසරේ හොදම මලල ක්‍රීඩකයාට හිමි කුසලානය කමාන්ඩෝ රෙජිමේන්තුවේ සැරයන් සී. එන්.බී ඉන්ද්‍රපාලට හිමි වූ අතර තරගාවලියේ හොඳම මලල ක්‍රීඩකයාට හිමි කුසලානය ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප්‍රල් එම්.වී.ටී. ධනංජය ලබාගත්තේය. url clone | [169220C] Stone Island Shadow Project (The North Face Black Box) – Hamilton Brown, Egret