Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th December 2019 17:10:14 Hours

රණක්‍ෂිතයටපත් යුද්ධ හමුදා සාමාජික සාමාජිකාවන් 700 අධික ප්‍රමාණයක් ඔවුන්ගේ ක්‍රීඩා කෞෂල්‍යයන් විදහාපායි

යුද හමුදා රෙජිමේන්තු එකොළහක් නියෝජනය කරමින් විවිධ හැකියාවන්ගෙන් යුත් 700 කට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය ක්‍රීඩා කෞෂල්‍යයන් ප්‍රදර්ශනය කරන 22 වන යුද හමුදා පැරා ක්‍රීඩා උළෙල අද (27) දින සුගාත දාස ක්‍රීඩාංගණයේදී ආරම්භ කරනු ලැබීය. පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සභාගී වූහ.

දෙසැම්බර් මස 27, 28 සහ 29 යන දිනයන්හී පැවැත්වෙන් මෙම තරඟාවලියේදී දුනු විදීම, බැඩ්මින්ටන්, පා පැදී ධාවනය, වෙඩි තැබීම, මේස පන්දු, සවි එසවීම, රෝද පුටු මැරතන්, ටෙනිස්, බීච් වොලිබෝල්, ඔරු පැදීම, පිහිනීම යනාදී ඉසව්වන් දොළහක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරඟ වදින අතර 22 වන යුද හමුදා පැරා ක්‍රීඩා උළෙල -2019 සඳහා ඩයලොග් ආසියාටා සමාගම විසින් අඛණ්ඩව පස්වන වරටත් අනුග්‍රහකත්වය දක්වනු ලබයි.

යුද හමුදා පැරා ක්‍රීඩා කමිටුවේ සභාපති මෙන්ම යුද හමුදා මූලස්ථානයේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න විසින් එම ස්ථානයට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා උණුසුම් අයුරින් පිළිගනු ලැබු අතර සමාරම්භක උත්සව අවස්ථාවට යුද හමුදා පැරා ක්‍රීඩා කමිටුවේ උප සභාපති, යුද හමුදා පැරා ක්‍රීඩා කමිටුවේ ලේකම් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙක් ද එක්ව සිටියහ. ශ්‍රි ලංකාවට පමණක් නොව සමස්ථ පැරා ඔලිම්පික් උළෙලට සම්බන්ධ මෙම තරගාවලිය ආරම්භක අවස්ථාවේ තරඟාවලියට වැදගත්කමක් එක්කරමින් ජාතික ධජය ඔසවනු ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් විවිධ කණ්ඩායම් නියෝජනය කරමින් ක්‍රීඩාංගණයට පැමිණ සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු සමඟ සුහඳ පිළිසදරක නිරත වූහ. අනතුරුව යුද හමුදා පැරා ක්‍රීඩාවේ ආරම්භය සනිටුහන් කරමින් නියෝජිතයින් කණ්ඩායමක් ඔලිම්පික් පන්දම දැල් වූහ.

ඉරිදා (29) දින පැවැත්වෙන වර්ණවත් 22 වන යුද හමුදා පැරා ක්‍රීඩා උළෙලෙ මහා සම්මාන උළෙලකින් අවසන් වේ. අවසන් දිනයේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ගෞරව සම්මාන පිරිනැමේ.

වර්ෂ 1991 දී ‘හමුදා ආබාධිත ක්‍රීඩා උළෙල’ නමින් ආරම්භ කල තරගාවලිය පසුකාලීනව වර්ෂ 2010 වර්ෂයේ දී ‘ශ්‍රි ලංකා යුද්ධ හමුදා පැරා ක්‍රීඩා තරඟාවලිය’ ලෙස නම් කරන ලදී. විවිධ දක්‍ෂතා ඇති ආබාධිත රණවිරුන්ගේ ජාතික හා ජාත්‍යන්තර වේදිකාවල විශිෂ්ටත්වය දැක්වීමටත්, ඔවුන්ගේ ආබාධ නොසලකා ඔවුන්ගේ මානසිකත්වය සහ චිත්ත ධෛර්ය වර්ධනය කිරිම මෙන්ම ක්‍රීඩා කුසලතා තවදුරටත් ශක්තිමත් කිරීමට ද මෙම තරගාවලිය අඛණ්ඩව ඉවහල් වනු ඇත.best Running shoes brand | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ