Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th December 2019 16:50:02 Hours

ස්විට්සර්ලන්ත ආරක්‍ෂක උපදේශක යුද්ධ හමුදාධිපති හමුවේ

කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් මාණ්ඩලික නිලධාරී ක්‍රිස්ටෝෆ් ගර්ට්ෂ් (Colonel (GS) Mr Christof Gertsch) මහතා සෙනසුරාදා (28) දින ශ්‍රී ජයවර්ධනපුර හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවී සුහඳ සාකච්ඡාවක නිරත වූහ.

මෙම සුහද අදහස් හුවමාරුව අතරතුර, දේපාර්ශවය අතර පවත්නා සුහඳත්වය යළි සිහිපත් කරමින් අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන කාරණා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළහ.

මෙම සුහද හමුව අවසානයේ යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් සුහදත්වය සහ අවබෝධය තවදුරටත් ප්‍රවර්ධනය කරමින් සංචාරයේ නිරත ස්විට්සර්ලන්ත ආරක්‍ෂක උපදේශක වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළහ. අනතුරුව රාජ්‍ය නියෝජිතයා නික්මයෑමට ප්‍රථම යුද්ධ හමුදාධිපතිතුමන් සමග ඡායාරූපයකට ද එක් වූහ.Nike Sneakers Store | Nike Air Force 1 , Sneakers , Ietp STORE