Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th December 2019 15:01:27 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් නුදුරේදී විශ්‍රාම ගැනීමට නියමිත මේජර් ජෙනරාල් කරුණාතිලක ගේ සේවය පැසසුමට ලක් කරයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට නියමිත මේජර් ජෙනරාල් කේ.එම්.ආර්.පී. කරුණාතිලක වෙත ඉකුත් අඟහරුවාදා (24) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදා මුලස්ථානයේ පිහිටි සිය කාර්යාලය වෙත ආරාධනා කර දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් එතුමන් කරන ලද සේවය පැසසුමට ලක් කරන ලදී.

ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ විශ්‍රාම යාමට නියමිත ජ්‍යෙෂ්ඨ නිලධාරි අතර පැවති සාකච්ඡාවේදී යුද්ධ හමුදාවේ සංවර්ධනයට එතුමන් දැක්වූ ආදර්ශමත් දායකත්වය වෙනුවෙන් සිය කෘතඥතාවය පුද කළ යුද්ධ හමුදාධිපතිතුමන් විශ්‍රාම යාමට නියමිත මේජර් ජෙනරාල් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත්හ.

විශ්‍රාම යාමට නියමිත ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සේවය ප්‍රශංසාවට ලක් කරමින් සංකේතාත්මක සමරුතිළිණයක් ද ප්‍රදානය කළේය.

ශ්‍රී ලංකා සංඥා බලකායේ මේජර් ජෙනරාල් කේ.එම්.ආර්.පී. කරුණාතිලක 642 වන බලසේනාවේ බලසේනාධිපති, ආධුනිකයින් බඳවාගැනීමේ අධ්‍යක්‍ෂ, තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ, යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද ආඥාපති ඇතුළු කීර්තිමත් තනතුරු රැසක් හොබවා ඇත.latest Running | adidas Yeezy Boost 350