Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd December 2019 09:20:19 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව දිවයින පුරා කඳවුරු ආවරණය කරමින් ‘තුරු මිතුරු නව රටක්’ නමින් දැවැන්ත රුක් රෝපණ ව්‍යාපෘතියක් ආරම්භ කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන වන සංරක්‍ෂණ හා රට අලංකාරවත් කිරීම සඳහා වූ ජාතික මෙහෙවරට තවත් එක් පියවරක් එක් කරමින්, රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන පැළ රෝපණ, නාගරික වනාන්තර, හරිත මාර්ග, හරිත ආවර්ණ සහ කෘෂි වනවගා පද්ධති ස්ථාපිත කිරීම සඳහා වන පරිසර හිතකාමී හරිත ව්‍යාපෘති සංකල්පයට සමගාමීව නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශ ආවරණය වන පරිදි රට අලංකාර කිරීම සඳහා බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි මධ්‍යම පරිසර අධිකාරි මංසන්ධියේ සිට ශ්‍රී ජයවර්ධනපුර නව යුද්ධ හමුදා මූලස්ථානය දක්වා දිවෙන ඩෙන්සිල් කොබ්බෑකඩුව මාර්ගය දෙපස අරලිය පැළ රෝපණය කිරීමේ ‘තුරු මිතුරු නව රටක්’ නමින් දැවැන්ත ව්‍යාපෘතියක් අද (23) උදෑසන ආරම්භ කරන ලදී.

මෙම ව්‍යාපෘතියේ මූලිකත්වය ගෙන කටයුතු කරන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කර්නල් සේනාවිධායකවරුන්, අනෙකුත් නිලධාරීන් සහ සියලු රෙජිමේන්තු නියෝජනය කරන යුද්ධ හමුදා සාමාජිකයින් එක්ව යුද්ධ හමුදාධිපතිතුමන් පළමු ‘අරලිය’ පැළය රෝපණය කිරීමෙන් අනතුරුව මධ්‍යම පරිසර අධිකාරි මංසන්ධියේ සිට යුද්ධ හමුදා මුලස්ථානය දක්වා දිවෙන මාර්ගය දෙපස පැළ රෝපණය කිරීම ආරම්භ කරන ලදී. දිවයින පුරා විසිරී සිටින සියලුම යුද්ධ හමුදා කඳවුරු ආවරණය වන පරිදි මෙම දැවැන්ත රුක් රෝපණ ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.

අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දක්වා ඇති පරිදි තිරසාර පාරිසරික ප්‍රතිපත්තියට සමගාමීව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව මෙම දැවැන්ත ව්‍යාපෘතිය ආරම්භ කරමින් ප්‍රථමයෙන් කිලෝමීටර් 1.5 ක දුරක් ආවරණය වන පරිදි අරලිය පැළ 170 ක් මාර්ගය දෙපස රෝපණය කරන ලදී. පවතින සෑම අවකාශයකම පැළ රෝපණය කිරීමට සියලු රටවැසියන් දිරිගැන්වීමේ අභිප්‍රාය ඇතිව දියත් කරනු ලබන මෙම ව්‍යාපෘතිය තුළින් රට හරිත හා ආකර්ශනීය ලෙස තබා ගැනීමට උපකාරී වන අතරම නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශවල ජාතික වනාන්තර ආවරණ ඉහළ නැංවීමට ද උපකාරී වේ.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය දිවයින පුරා විසිරී සිටින සියලුම යුද්ධ හමුදා කඳවුරුවල ව්‍යාප්ත කිරීමට අපේක්‍ෂා කරන අතර මල්පැළ, පලතුරු, ඖෂධිය ශාක ඇතුළු ආර්ථික වටිනාකමක් සහ ප්‍රයෝජනවත් පැළ රෝපණය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් පැළ රෝපණය කිරීමේ හා අලංකාර කිරීමේ ව්‍යාපෘති ආරම්භ කිරීමට අපේක්ෂා කරයි. එසේම, යුද්ධ හමුදාව යටතේ ඇති කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලය, අනාගතයේ දී අදාළ පළාත් පාලන ආයතන හා වෙනත් බලධාරීන් සමඟ සාකච්ඡා කර අතහැර දමා ඇති වගුරු බිම්වල ඵලදායී වී හෝ එළවළු වගා කරන ස්ථාන බවට පත් කිරීමේ හැකියාව ගවේෂණය කරනු ඇත.

යුද්ධ හමුදා මූලස්ථානය දක්වා දිවෙන මාර්ගය සෙවනැල්ලෙන් හා සුන්දරත්වයෙන් පිරිපුන් මාර්ගයක් බවට පත්කිරීමේ ප්‍රයත්නයේදී, සියලුම රෙජිමේන්තු අධිපතිවරුන් සහ සියලුම කර්නල් සේනාවිධායකවරුන් විසින් එකම වර්ගයේ අරලිය පැළ රෝපණය කිරීම සඳහා මාර්ගය දෙපස විශේෂ ප්‍රදේශ අදාළ රෙජිමේන්තු සඳහා වෙන් කර ලබාදී ඇත. තවද, රෝපණය කරන ලද පැළ පූර්ණ ලෙස වැඩෙන තෙක් අදාළ රෙජිමේන්තු සඳහා වෙන් කරන ලද ප්‍රදේශ නඩත්තු කිරීම පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන් සියළුම රෙජිමේන්තු වෙත උපදෙස් ලබා දී ඇත.

මෙම වැඩසටහනට සමගාමීව 2019 නත්තල් උත්සවය වෙනුවෙන් මාර්ගය දෙපස 23 වන දින සවස සිට අලංකාර විදුලි පහන් යොදාගනිමින් ආලෝකමත් කිරීමට නියමිත අතර දෙසැම්බර් මස 25 වන දින යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සනිටුහන් කිරීම සඳහා ජාතික ආගමික වැදගත්කමක් ඇති වැඩසටහනක් සංවිධානය කිරීමට නියමිතය. මීට අමතරව, නව අවුරුදු උදාව තෙක් උත්සව සමයේ මාර්ගය දෙපස අලංකාරවත් ලෙස ආලෝකමත් කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සැලසුම් කර ඇති අතර යුද්ධ හමුදා මූලස්ථානය ද වර්ණවත් ලෙස ආලෝකමත් කිරීමට නියමිතව ඇත.

යුද්ධ හමුදාපතිගේ මඟපෙන්වීම මත ආගමික සහජීවනය හා ප්‍රතිසන්ධානය ප්‍රවර්ධනය කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සියළුම ප්‍රධාන ආගමික හා සංස්කෘතික උත්සවවලදී මධ්‍යම පරිසර අධිකාරි මංසන්ධියේ සිට යුද්ධ හමුදා මුලස්ථානය දක්වා දිවෙන මාර්ගය අලංකාරවත් ලෙස ආලෝකමත් කිරීමට තීරණය කර ඇත.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් නෙවිල් වීරසිංහ සහ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් ප්‍රසන්න චන්ද්‍රසේකර විසින් මෙම උත්සවය සම්බන්ධීකරණය කර සංවිධානය ලදී.

අද උදෑසන පැවැති මෙම ව්‍යාපෘතියට සියලුම කර්නල් සේනාවිධායකවරුන්, රෙජිමේන්තු අධිපතිවරුන් සහ යුද්ධ හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගි වූහ. best Running shoes brand | Nike