Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd December 2019 10:34:50 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ අධිකාරියට පත් නව නිලධාරීන්ට නිල ලාංඡන පැළඳවීම සඳහා දෙමාපියන් සමඟ යුද්ධ හමුදාධිපතිතුමන් එක්වෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ අධිකාරියට පත් නව නිලධාරීන්ට නිල ලාංඡන පැළඳවීම උත්සවය සෙනසුරාදා (21) දින සන්ධ්‍යාවේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නෙළුම් ශ්‍රවණාගරයේදී පැවැත්විණි.

අධිකාරියට පත්ව විසිරගිය නව නිලධාරීන් 321 දෙනෙකුට නිල ලාංඡාන පැළඳවීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගි විය.

නව නිලධාරීන්ගේ ජයග්‍රහණ අගය කිරීම හා ප්‍රශංසා කිරීම සංකේතවත් කරමින් පැවැති මෙම වැදගත් අවස්ථාවට දෙමව්පියන් සහ ඥාතීන් ද එක් වූහ. Nike shoes | Womens Shoes Footwear & Shoes Online