Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th December 2019 14:23:05 Hours

'ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහි වීම' තේමාව ඔස්සේ දෙවන සම්මන්ත්‍රණය බුත්තල නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේදී ආරම්භ වේ

බුත්තල පිහිටි නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ දෙවන සම්මන්ත්‍රණය අද (19) දින උදෑස‍න දිවයින පුරා සිටින හමුදා හා සිවිල් ආරක්‍ෂක විශේෂඥයින්, විද්වතුන් සහ සම්පත් දායකයින් රැසකගේ සහභාගීත්වයෙන් ආරම්භ කරන ලදී.

‘ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහි වීම; සමකාලීන ප්‍රවණතා සහ අභියෝග’ යන තේමාවන් යටතේ අඛණ්ඩව 14 වන වරටත් ආරම්භ කරන ලද මෙම සම්මන්ත්‍රණය සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නියෝජනය කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න සහභාගි විය.

බුත්තල නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරාල් ජයනාත් ජයවීර සමාරම්භක දේශනය සිදුකරමින් මෙම සම්මන්ත්‍රණයේ පරමාර්ථය, ආරක්‍ෂක උපායමාර්ග හා ඒ ආශ්‍රිත අවශ්‍යතා සම්පාදනය කිරීමේ වැදගත්කම මෙන්ම දේශීය හා විදේශීය මට්ටම්වල ලෝකය විවිධ ස්වභාවයේ අන්තවාදී ප්‍රවණතා පිළිබඳව අවධාරණය කළහ.

ඉන් අනතුරුව, සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් පසු ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි මේජර් ජෙනරාල් ධර්මරත්න විසින් ප්‍රධාන දේශනය සිදුකළ අතර වර්තමාන ආරක්‍ෂක ගැටළු නිවැරදි දෘෂ්ඨිකෝණයකින් විසඳා ගැනීමේ වැදගත්කම සහ පවත්නා සාමාන්‍ය උපමා සමාලෝචනය කිරීම පිළිබඳව අවධාරණය කරන ලදී.

මෙම වැඩමුළුවේ දේශන පහක් සඳහා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය අමල් ජයවර්ධන, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය, මනිෂා මහත්මිය, එස්. වනසිංහ පැස්කුවල් සහ ආචාර්ය චමිල තලගල මුලසුන හොබවනු ඇත.

මෙම සම්මන්ත්‍රණය සඳහා ශ්‍රී ලංකා බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ආචාර්ය හරින්ද විදානගේ, කර්නල් ඩී.කේ.එස්.කේ. දොලගේ, කර්නල් ඒ.එම්.සී.පී. විජේරත්න, අශාන් වික්‍රමසිංහ මහතා, අසීෆ් ෆොරඩ් මහතා, ආචාර්ය සංජීව වීරවර්ධන මහතා, ලුතිතන් කර්නල් පී.එස්.එස්. සංජීව, ඉන්දික පෙරේරා මහතා (ස්වාධීන නීතීඥ්‍ය), නිලන්තන් නිරුන්දන් මහතා (බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය) සහ මේජර් ඩී.පී. අළුත්ගේ ආරාධිත කථිකයින් ලෙස සහභාගී වූහ.

මෙම සැසිවාර සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික, අධ්‍යක්‍ෂ ජෙනරාල් පාබල සහ මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂක, මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති, යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂකවරුන්, පුහුණු පාසල් සේනාවිධායකවරුන් , නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ හි හිටපු සේනාවිධායකවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු ආරාධිතයින් රැසක් සහභාගී වූහ. buy footwear | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov