Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th December 2019 11:29:33 Hours

“සන්නද්ධ හමුදා සාමාජිකයින්ට සිදුවන අසාධාරණයන් සහ නින්දාවන් අපි නිවැරදි කරන්නෙමු” ගරු අග්‍රාමාත්‍යතුමන් පවසයි

“ලෝකයේ කිසිම රටක් හිටපු රජය කළාක් මෙන් ත්‍රිවිධ හමුදාවට නින්දා නොකරනු ඇත.  ඔවුන් අපේ හමුදා බුද්ධි අංශ අක්‍රිය කළ අතර එක්සත් ජාතීන්ගේ විදේශීය විනිසුරුවන් පත් කිරීම සඳහා සමඅනුග්‍රාහක යෝජනාවක් ගෙන ආවේය. එමගින් ඔවුන් අපේ ත්‍රිවිධ හමුදාවේ ගෞරවය පිරිහීමට ලක් කළේය. 2015 ට පෙර මෙන් අපි ඒ සියල්ල නිවැරදි කර යථා තත්ත්වයට පත් කරන බවට මම ඔබට සහතික වෙමි.  මීට වසර දහයකට පෙර, ලෝකයේ කුරිරු ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ විශාලතම ජයග‍්‍රහණය අප සතුව ඇත. අපේ රටේ ජාතික ආරක්‍ෂාවට හා ස්වෛරීභාවයට තර්ජනයක් එල්ල වී තිබූ කාලවකවානුවක වත්මන් ජනාධිපතිවරයා ආරක්‍ෂක ලේකම් ලෙස පත් කිරීම හොඳම පත් කිරීම ලෙස මා සලකනු ලැබීය.  ත‍්‍රස්තවාදයට එරෙහිව ජයග‍්‍රහණය කර 10 වන සංවත්සරය සැමරීමට අප සූදානම් වෙමින් සිටියදී, අපේ‍්‍රල් ප‍්‍රහාරය එල්ල විය.  ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලබා දී ඇති අතිමහත් ජනවරම 2005 දී ආරක්‍ෂක ලේකම් ධූරයට පත් කිරීමට මා ගත් තීරණය අනුමත කළේය.” යනුවෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් නෙළුම් පොකුණ රඟහලේ පැවති ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය අමතමින් පැවසීය. (සම්පූර්ණ වීඩියෝව පහතින් බලන්න) Mysneakers | Nike Shoes, Sneakers & Accessories