Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th December 2019 20:13:10 Hours

ආරක්‍ෂක ලේකම්තුමන් ආරක්‍ෂක සේවා මූලස්ථානයේ ඉදිකිරීම් කටයුතු නිරීක්‍ෂණය කරයි

මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සඳුදා (9) දින නව යුද්ධ හමුදා මූලස්ථානයේ සිදු කළ සංචාරය අතරතුර යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සමඟ නව යුද්ධ හමුදා මූලස්ථානයට යාබදව ඉදිකරමින් පවතින නව ආරක්‍ෂක අමාත්‍යාංශ සහ නාවික හා ගුවන් හමුදා ගොඩනැගිලිවල ඉදිකිරීම් කටයුතු පිළිබඳ සොයාබැලිම සඳහා සංචාරයක නිරතවිය.

ප්‍රථමයෙන්ම එතුමන් එම සංකීර්ණයේම ඉදිවෙමින් පවතින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධාන කාර්යාලය, ආරක්‍ෂක අමාත්‍යාංශය, නාවික හා ගුවන් හමුදා මුලස්ථාන සඳහා වූ ගොඩනැගිලිවල කාර්යාල සංකීර්ණ නැරඹීය.

එහිදී, ආරක්‍ෂක ලේකම්තුමන් ඉදිකිරීම් කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අනෙකුත් නිලධාරීන් සමඟ ඉදිකිරීම කටයුතු පිළිබඳව අදහස් හුවමාරු කරගත්හ. එමෙන්ම, ඉදිකිරීම් කටයුතුවල නියැලී සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සමඟ ද සුහදව අදහස් හුවමාරු කරගැනීමට ආරක්‍ෂක ලේකම්තුමන් අමතක නොකළහ. trace affiliate link | Women's Nike Superrep