Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd December 2019 15:40:34 Hours

622 වන සේනාංකයේ සංවත්සර සැමරුමට රුක් රෝපණය වැඩසටහනක්

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකය යටතේ ඇති 622 වන බලසේනාවේ 9 වන සංවත්සරය දිනය නිමිත්තෙන් ඉකුත් ඉරිදා (1) දින එම බලසේනා මූලස්ථානයේදී ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මහා සංඝරත්නය උදෙසා දානමය පිංකමක් සිදු කරන ලදී.

සංවත්සර දිනයට පෙර දින එම බලසේනාවේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉදිකරමින් පවතින සඳ හිරු සෑය චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ඉදිකිරිම් කටයුතු සඳහා අවශ්‍ය මැටි ගඩොල් රැගෙන යෑමට දායක වූහ.

සංවත්සර දිනය වෙනුවෙන් 622 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් චමින්ද විජේරත්න වෙත හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු සම්මා මුරයක් පිරිනැමුහ. අනතුරුව එතුමන් කඳවුරු පරිශ්‍රයේ සංවත්සර දිනය සනිටුවහන් කිරිම වස් අඹ පැළයක් රෝපණය කළේය. පසුව යුද්ධ හමුදා සාමාජිකයින් ඇමතු එතුමන් සියළු නිල දිවා භෝජන සංග්‍රහයටද එක් විය.

තවද, ඉකුත් අඟහරුවාදා (3) දින යුද්ධ හමුදා සාමාජිකයින් කිරි ඉබ්බන්වැව සහ වැලිඔය යන ප්‍රදේශවල රුක් රෝපණ වැඩසටහනක් දියත් කළ අතර එහිදී කිරි ඉබ්බන්වැවේ වැව් ඉවුරේ වටිනා පැළ 450 ක් රෝපණය කළහ. එහිදි මහවැලි ‘එල්’ ව්‍යාපෘතියේ රාජ්‍ය සේවකයින් සමඟ මී, කුඹුක්, මාර, අඹ යනාදි පැළ රෝපණය කරන ලදී. Nike air jordan Sneakers | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ