Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd December 2019 15:38:35 Hours

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් බලප්‍රදේශය තුළ නිරීක්‍ෂණ චාරිකාවක

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි ඉකුත් බදාදා (27) දින සිය ප්‍රථම නිල සංචාරය සිදු කරමින් එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 211 බලසේනාව, 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කාන්තා බලකාය, 2 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුව , 5 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු, බෝගොඩ ගුවන් සංක්‍රමික බලසේනා පුහුණු පාසල, ‘සඳ හිරු සෑය’ ඉදිකිරීම සඳහා ගඩොල් සකස් කිරීමේ ස්ථානය සහ අවසන් වශයෙන් පණ්ඩුලගම විහාරස්ථානයේ ද සංචාරය කළේය.

211 වන බලසේනා මූලස්ථානයේ සිය ප්‍රථම සංචාරයේ නිරතවූ වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ධර්මසිරි මතක සටහනක් ලෙස එම කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කරන ලදී. ඉන් අනතුරුව 211 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන් විසින් එම බලසේනාවට පැවරී ඇති වගකීම් හා කාර්යභාර්ය පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් එතුමන් වෙත ඉදිරිපත් කළේය.

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සමග මෙම සංචාරයට 21 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, 21 වන සේනාංකයේ නිලධාරීන් ඇතුළු ඒ යටතේ ඇති ඒකකයන්හී අණදෙන නිලධාරීන් පිරිසක් එක් වූහ.Buy Kicks | Nike