Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th December 2019 12:28:24 Hours

7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් වැව් බැම්මේ ආරක්‍ෂාව තහවුරු කරයි

පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇඳහැළෙන අධික වර්ෂාපතනය හේතුවෙන් මරදම්කුලම් වැවේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළගොස් වැව් බැම්මෙන් ජලය කාන්ඳුවීම පිළිබඳ සැලවූ වහාම ක්‍රියාත්මත වූ කිළිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් ප්‍රදේශවාසීන් සමග එක්ව ඉකුත් සෙනසුරාදා (30) දින වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කර ප්‍රදේශයේ ආරක්‍ෂාව තහවුරු කිරීමට සමත්විය.

කිළිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති සහ 65 වන සේනාංකයේ සේනාංකා‍ධිපති ගේ උපදෙස් මත භටපිරිස් වැව් බැම්මේ ජලය කාන්දුවීම වැලැක්වීම සඳහා කඩිනමින් වැව් බැම්මේ වැලි කොට්ටා ඇතිරීමට පියවර ගන්නා ලදී.

මෙම හදිසි ආපදා තත්ත්වයට සහන සැලසීම සඳහා නිල‍ධාරීන් 3 දෙනෙකු සහ යුද්ධ හමුදා සාමාජිකයින් 50 දෙනෙකු එක්වූහ. Buy Sneakers | Nike Off-White