Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st December 2019 10:09:27 Hours

මධ්‍යම භටපිරිස් නායයෑමෙන් විපතට පත්වූවන් සෙවිම් කටයුතුහි නොකඩවා නිරතවෙති

මධ්‍යම අරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් ඉකුත් සෙනසුරාදා (30) දින රාත්‍රියේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ මලපට්ටාව ප්‍රදේශයේ අධික වර්ෂාපතනය මධ්‍යයේ සිදු වු නායයෑම හේතුවෙන් විපතට පත්වූවන් සෙවීමේ ක්‍රියාන්විතයක් සඳහා රපෝර්තු කල අතර එම ක්‍රියාන්විතය මේ වන විටද සිදු කරමින් පවතී.

අදාළ නායයෑමේ සිදුවීම දැනුම්දීමෙන් අනතුරුව මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ විසින් ලබාදෙන ලද උපදෙස් පරිදි 3 වන සිංහ රෙජිමේන්තුව සහ රයිෆල් බලකායට අයත් නිලධාරින් සිවු දෙනෙකු මෙන්ම සෙසු නිලයින් 51 දෙනෙකු අදාළ ස්ථානය වෙත කඩිනමින් රපෝර්තු කොට විපතට පත්වූවන් සෙවීමේ සහ ගලවාගැනීමේ ක්‍රියාන්විතය ආරම්භ කලහ.

එහිදී මෙම ක්‍රියාන්විතයේ නිරත භටපිරිස් විසින් ඉරිදා (01) දින උදෑසන නායයෑමට හසුව ජීවිතක්‍ෂයට පත් වූ අයවළුන් දෙදෙනෙකුගේ සිරුරු සොයාගන්නා ලද අතර එම මළසිරුරු කාන්තාවකගේ සහ කුඩා දරුවකුගේ වශයෙන් හඳුනාගැනිමෙන් අනතුරුව වැඩිදුර පරික්‍ෂණ සඳහා එම සිරුරු පොලීසිය වෙත භාරදී ඇත.

හමුදා භටපිරිස් තවදුරටත් සෙවීමේ කටයුතුහි නිරත වෙමින් පවතී.best Running shoes brand | adidas Yeezy Boost 350