Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th November 2019 19:12:20 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තු තරුණ නිලධාරි පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් වේ

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව විසින් පැවැත්වූ තරුණ නිලධාරි පුහුණු පාඨමාලා අංක 08 සාර්ථකව අවසන් කල යුද්ධ හමුදා සාමාජිකයින්ට සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය ඉකුත් අඟහරුවාදා (26) දින අයියකච්චි යාන්ත්‍රික පුහුණු පාසලේදී පැවැත්විණි.

ඉන් අනතුරුව පැවති සහති ප්‍රධානෝත්සවයේදී යාන්ත්‍රික පාබල පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කල තරුණ නිලධාරින් 10 දෙනෙකු වෙත අයියකච්චි යාන්ත්‍රික පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.එස්. බාලචන්ද්‍ර විසින් සහතිකපත් ප්‍රධානය කරනු ලැබීය.

මෙම පාඨමාලාව පුළුල් දේශන සහ වැඩමුළු වලින් සමන්විත වූ අතර යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සන්නද්ධ රථ පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් පවත්වන ලදී.

මෙම සම්මාන ප්‍රදානෝත්සවය සඳහා මාණ්ඩලික නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයින් ද සහභාගී වූහ.url clone | シューズ