Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th November 2019 18:12:20 Hours

523 වන බලසේනාවේ සම්බන්ධීකරණයෙන් පාසල් උපකරණ පරිත්‍යාග කරයි

52 වන සේනාංකය යටතේ ඇති 523 වන බලසේනා මුලස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින්​ සිවිල් පරිත්‍යාගශිලීන්ගේ අනුග්‍රහය ඇතිව වාවකච්චේරි හි මඩ්ඩුවිල් සරස්වතී විද්‍යාලයේ අඩු ආදායම්ලාභි සිසුන් දිරිමත් කිරිමේ අරමුණින් පාසල් උපකරණ පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

මහවැලි අධිකාරියේ මානව සම්පත් මධ්‍යස්ථානයේ හිටපු ප්‍රධානී අයිරාංගනී පීරිස් මහත්මිය ඇතුළු පිරිසගේ ගේ අනුග්‍රාහකත්වය ඇතිව සිසු සිසුවියන් 152 දෙනෙකු සඳහා දිරිදීමනා ලබාදුන්හ.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස්.එස්. වඩුගේ සමඟ එක්ව 523 වන බලසේනාවේ බලසේනාධිපති, 4 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් කේ.ටී.ඩී.එස් කලන්සූරිය සහභාගි විය.

523 වන බලසේනාව යටතේ ඇති 4 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් මෙම පරිත්‍යාග වැඩසටහන සම්බන්ධීකරණය කළ අතර එහි මුළු වටිනාකම රුපියල් 325,000 / = කි. latest jordans | 【国内5月2日発売予定】ナイキ ウィメンズ エアマックス ココ サンダル 全4色 - スニーカーウォーズ