Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th November 2019 14:22:27 Hours

නව වන්නි ආඥාපතිතුමන් බල ප්‍රදේශයන්හී සංචාරයක නිරත වෙයි

නව වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි නව තනතුරට පත්වීමෙන් අනතුරුව ඉකුත් දින දෙක තුල දී ආගමික පූජකයින් බැහැදැකීමට මෙන්ම වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති සේනාංක, බලසේනා මෙන්ම ඒකකයන්හී ද සංචාරයක නිරත විය.

ප්‍රථමයෙන්ම, ඉකුත් බ්‍රහස්පතින්දා (21) දින ජය ශ්‍රී මහ බෝධින් වහන්සේ වන්දනාමාන කර ‘අටමස්ථානාධිපති’ මෙන්ම රුවන්වැලි මහා සෑය, මිරිසවැටිය, අභයගිරිය සහ ජයන්ති විහාරය යන විහාරස්ථානයන්හි විහාරාධිපතිහිමිවරුන් හමුවීය.

ඉන් අනතුරුව, එතුමන් 21 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි අතර එහිදි එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර් ජයපතිරණ විසින් නව වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් පිළිගනු ලැබීය. පසුව භටපිරිස් විසින් එතුමන් පිළිගැනීම සඳහා කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙලපාලියක් පිරිනමා සිය ආචාරය පුද කළහ.

21 වන සේනාංක මූලස්ථානයේ පළමු සංචාරය සනිටුහන් කරමින් මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි විසින් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කල අතර ඉන් අනතුරුව එම සේනාංකාධිපතිතුමන් විසින් සේනාංකය මූලස්ථානයේ මෙහෙයුම් හා පරිපාලන සම්බන්ධීකරණ කාර්යභාරය පිළිබඳ එතුමන් වෙත සවිස්තරාත්මකව පැහැදිලි කිරීමක් සිදු කරන ලදී.

ඉන් අනතුරුව, එතුමන් ඉදිකරමින් පවතින ‘සඳහිරු සෑය’ (ස්ථූපය) නිරීක්‍ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුන ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරස්ථානයද නැරඹීය.

මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි 7 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය වෙත සංචාරයක නිරතවූ අතර එහිදි අණදෙන නිලධාරිතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගනිමින් ආඥාපතිතුමන් වෙත එම ඒකකයේ වගකීම් හා රාජකාරි පිළීබඳ ‘කෙටි හැඳින්වීමක් සිදු කළහ.

අනතුරුව, 7 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු මූලස්ථානයේ පසු මූලය වෙත සපැමිණි ආඥාපතිතුමන් නාබඩගස්වැව පිහිටි 3 වන ශ්‍රී ලංකා සේවා බලකාය ක්‍ෂේත්‍ර පිරවුම් මධ්‍යස්ථානයෙහි ද සංචාරයක නිරතවූ එතුමන් එහි භටපිරිස් පිරිස්හී රාජකාරී ස්භාවය පිළිබඳ විමසීය.

2019 නොවැම්බර් මස 23 දින 213 වන බලසේනා මූලස්ථානය වෙත සපැමිණි එතුමන් එහිදී, එම බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.ඒ.එන්. රසික කුමාර විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එම අවස්ථාව සනිටුහන් කරමින් පැළයක් රෝපණය කරන ලදී. අනතුරුව එතුමන් විසින් 213 වන බලසේනාවේ සහ 5 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා පරිශ්‍රයන්හි සංචාරයක නිරත වෙමින් ආරක්‍ෂක විධිවිධානයන් සහ පතුරොම් ගබඩාවන්හි සුපරීක්‍ෂාව පිළිබඳව ඇගයීමට ලක් කරන ලදී. පසුව එතුමන් විසින් එම ප්‍රදේශයේම පිහිටි 2 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව වෙත සංචාරයක නිරත වු අතර එහිදි අණදෙන නිලධාරී විසින් බලඇණියේ රාජකාරි සහ වගකීම් පිළිබඳව කෙටි හැදින්වීමක් සිදු කීරිමෙන් අනතුරුව ඒකකය යටතේ පාලනය වන නිවාඩු බංගලාවන් දෙක පරික්‍ෂා කරන ලදී.

පසුව නව වන්නි ආඥාපතිතුමන් විසින් මැණික් ෆාම් පිහිටි බලඇණි පුහුණු පාසල වෙත සංචාරයක නිරත වු අතර එහිදි එම පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක විසින් එහි කාර්යභාරය සහ කාර්යයන් පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කරන ලදී. එදින සංචාරය නිමාවීමට ප්‍රථම ආඥාපතිතුමන් විසින් මැනික් ෆාම්, යාන්ත්‍රික පාබල රෙජිමේන්තු පුහුණු පාසල සහ 2 වන බලඇණිය යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව තුළ පිහිටි යුද්ධ හමුදා ගොවිපලවල් වෙත ගොස් අණදෙන නිලධාරීන්ගෙන් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන කිරීම් ලබාගන්නා ලදී.

මෙම සංචාරය සඳහා 21 වන සේනාංකයේ සේනාංකාධිපති, වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ සහ 21 වන සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා ඒ යටතේ පාලනය වන ඒකකයන්හි අණදෙන නිලධාරීන් ද සම්බන්ධ විය. Sportswear Design | ナイキ エア マックス エクシー "コルク/ホワイト" (NIKE AIR MAX EXCEE "Cork/White") [DJ1975-100] , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!