Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th November 2019 08:35:31 Hours

වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු නිලධාරීන්ගේ සාමාන්‍ය දැනුම වර්ධනය කිරීම සඳහා ප්‍රශ්න විචාරාත්මක තරඟාවලියක් පවත්වයි

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු නිල‍ධාරීන්ගේ සාමාන්‍ය දැනුම වර්ධනය කර ගැනීම මුලික කර ගනිමින් ඉකුත් නොවැම්බර් මස 14 දින වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේදී විශේෂ ප්‍රශ්න විචාරාත්මක තරඟාවලියක් පැවැත්විණි.

එම ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන වට කිහිපයක් පැවැත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බළකායේ 3 වන බලඝණය අන්තර් අංශ ප්‍රශ්න විචාරාත්මක තරඟයෙන් ලකුණු 170 ක් ලබා ගනිමින් ජයග්‍රාහකයින් බවට පත්විය. එමෙන්ම එම තරඟාවලියේ ලකුණු 140 ක් ලබා ගනිමින් 2 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව දෙවන ස්ථානය හිමිකරගත්හ.

අනතුරුව පැවැති සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන සහභාගි වූ අතර මීට පෙර අවස්ථාවකද මෙවැනි ප්‍රශ්න විචාරාත්මක තරඟාවලියක් යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ දී පවත්වා තිබේ.

මෙම අවස්ථාව සඳහා 21,54,56 සහ 62 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් මාණ්ඩලික නිලධාරී, බ්‍රිගේඩියර් පාලන හා භකාස නිලධාරීතුමන්, බලසේනාධිපතිවරුන් ඇතුළු වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ඇති ඒකකයන්හි අණදෙන නිලධාරීන් සහභාගි විය. affiliate link trace | Nike Dunk - Collection - Sb-roscoff