Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd November 2019 14:23:55 Hours

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති 14 වන සේනාංකය යටතේ සේවය නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් අමතයි

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ඉකුත් බ්‍රහස්පතින්දා (21) දින 14 වන සේනාංක මූලස්ථානයේ සංචාරයක නිරත විය.

14 වන සේනාංක මුලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බි.වි.ඩි.පි අබේනායක විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී.

සේනාංක පරිශ්‍රය වෙත සපැමිණි ආඥාපතිතුමන් වෙත 14 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් ස්ථානගත කර ඇති ආකාරය සහ සේනාංකයේ වගකීම් පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් සේනාංකාධිපතිතුමන් විසින් ඉදිරිපත් කරන ලදී.

එදිනම බටහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් 142 වන බලසේනා මූලස්ථානයේ සංචාරයක ද නිරත වු අතර එහිදි එතුමන් විසින් යුද්ධ හමුදා සාමාජිකයින් අමතන ලදී. latest Running | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ