Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd November 2019 14:25:55 Hours

නව උසස්වීම් ලැබු මේජර් ජෙනරාල් වරුන් දෙදෙනා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මූලස්ථානයේ දී උණුසුම් අයුරින් පිළිගනී

නව උසස්වීම් ලැබු මේජර් ජෙනරාල් වරුන් වන මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ සහ මේජර් ජෙනරාල් ඒ.එස් හේවාවිතාරණ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිළිගැනිම සඳහා එම රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් විසින් උපහාර පිදිමේ උත්සවයක් ඉකුත් බ්‍රහස්පතින්දා (21) දින පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු මූලස්ථානයේදී සංවිධානය කරනු ලැබීය.

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක වෙනුවෙන් එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධාය ඇතුළු සියලු නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් එක්ව රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයට සපැමිණි නව මේජර් ජෙනරාල් වරුන් දෙදෙනා උණුසුම් අයුරින් පිළිගත්හ.

ප්‍රථමයෙන් රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක් වූ අතර, පසුව රෙජිමේන්තුවේ භටපිරිසක් විසින් හමුදා සම්ප්‍රදායානුකුලව කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය එතුමන්ලාට පිළිගන්වනු ලැබීය. දවසේ වැඩසටහන් අවසන් කිරිමට මත්තෙන් රෙජිමේන්තුවේ නිලධාරීන් සහ සෙසුනිලයින් සමඟ සමූහ ඡායාරූපයකට පෙනිසිටි අතර පැවති සියළු නිල දිවා ආහාර සංග්‍රහය ද සතුටින් භූක්ති වින්දේය. මෙම වැඩසටහන සාර්ථකව අවසන් කිරිම සඳහා 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් ඔවුන්ගේ පූර්ණ දායකත්වය ලබා දුන්හ. Mysneakers | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp