Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th November 2019 12:30:48 Hours

යාපනයේ භටපිරිස් 300 කට ආසන්න පිරිසක් රුධිරය පරිත්‍යාග කරයි

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයින් 300 කට ආසන්න පිරිසක් ඉකුත් බ්‍රහස්පතින්දා (21) දින යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය බලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් එහි රුධිර බැංකුවට ස්වේච්ඡාවෙන් රුධිරය පරිත්‍යාග කළහ.         

යාපනය රෝහලේ රුධිර අවශ්‍යතාවයකට පිලියමක් ලෙස යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය විසින් රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පැවැත්වීමට අවශ්‍ය උපදෙස් ලබා දුන් අතර ඒ අනුව ප්‍රමුඛතා පදනමක් මත පාලාලි හී ස්ථාපිත 5 වන ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකාය විසින් රුධිර පරිත්‍යාග වැඩසටහන සංවිධානය කරනු ලැබීණි. මෙම ව්‍යාපෘතිය මගින් යාපනයේ රුධිර බැංකුවට අවශ්‍ය රුධිර ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් මානුෂීය අවශ්‍යතා සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ සෙබළුන් 300 කට ආසන්න ප්‍රමාණයක් රුධිරය පරිත්‍යාග කරන ලදි.

මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ අවධානයට යොමුවීමෙන් අනතුරුව පාලාලි යුද හමුදා මූලික රෝහල විසින් නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහයෝගය ඇතිව වැඩසටහන සම්බන්ධීකරණය කරන ලදී. රුධිර පරිත්‍යාගය වැඩසටහන ක්‍රියාත්මක කරන අතරතුර යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් වනිගසූරිය සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ පරිත්‍යාගශීලීන් සමඟ සුහඳ පිළිසඳරක ද නිරත වූහ.

යාපනයේ ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් මෙම ව්‍යාපෘතියට යුද හමුදාව දැක්වූ සහයෝගය වෙනුවෙන් ඔවුන්ගේ කෘතඥතාව පල කළහ. Sportswear Design | Air Jordan