Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd November 2019 14:30:55 Hours

වීරෝදාර යුද ප්‍රවීණයන් දෙදෙනෙකු නාගදීපයේ සිට කතරගම කිරිවෙහෙර වන්දනා කිරිමට පාගමනින් ගමන් අරඹයි

තම මාතෘ භූමියේ මෙන්ම සේවයේ යෙදි සිටින විරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සහ අත්පා අහිමි ආබාධිත රණවිරුවන් අතර චිත්ත ධෛර්යය වර්ධනය කිරිමේ දැඩි අභිප්‍රාය ඇතිව විශ්‍රාමික ප්‍රවීණයන් දෙදෙනෙකු වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 2 වන ගජබා රෙජිමේන්තුවට අයත් (විශ්‍රාමික) සාමාන්‍ය සෙබල ආර්ඩබ්ලිව්වී පියතිස්ස සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ (විශ්‍රාමික) බලලත් නිලධාරි එම්.බී.ඩබ්ලිව්. කුමාර යන විරුවන් දෙදෙනා ඉකුත් සිකුරාදා (22) දින යාපනය අර්ධද්වීපයේ පිහිටි නාගදීප විහාරස්ථානයේ සිට කතරගම පුද බිම දක්වා පා ගමනින් ගමන් ආරම්භ කළහ.

මීට වසර කිහිපයකට පෙර එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කර ආබාධිත තත්ත්වයට පත්ව සිටියද විශ්‍රාමික ප්‍රවීණයන් දෙදෙනා දින කිහිපයක් ඇතුළත දැඩි අධිෂ්ඨානයකින් යුතුව කතරගම කිරිවෙහෙර විහාරස්ථානයට පැමිණ භාරය ඉෂ්ඨ කිරිමට බලාපොරොත්තු වෙති.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ඔවුන් දැක්වූ දක්‍ෂතාවයන් අගයකරමින් ඉතිහාසය යළි වරක් සිහිපත්කරමින් දේවානුභාවයෙන් ඔවුන්ගේ පා ගමන අවසන් කිරිමට හැකිවේවායි ඔවුන් දිරිමත් කළේය. පා ගමන ආරම්භ වීමත් සමඟ පාර දෙපස රැදි සිටි හමුදා භටයන් සහ ප්‍රදේශවාසීන් එකට එක්ව ඔවුන්ට සුබ පතමින් ඔවුන්ගේ මිතුරන් හා හිතවතුන් සමඟ පාගමනට එක් වූහ.

ආරම්භක අවස්ථාවේදී, නාගදීප විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති ප්‍රවීණයන් දෙදෙනාට ආශීර්වාද කළ අතර, එම අවස්ථාව සඳහා 52 වන සේනාංකයේ සේනාංකාධිපති, පුනරුත්ථාපන නියෝජ්‍ය අධ්‍යක්ෂ, 512,513,523 සහ 552 යන බලසේනාවන්හී බලසේනාධිපතිවරුන්, ‘එලාර’ නාවික හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ඇතුළු යුද හා නාවික හමුදා නිලධාරීන් සහ සෙසු සාමාජිකයන් මෙන්ම වෙනත් ආරක්‍ෂක අංශ සාමාජිකයින් පිරිසක් ද ඔවුන් දිරිමත් කිරිමට එක්ව සිටියහ.Best Sneakers | Nike Air Max 270