Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd November 2019 19:02:06 Hours

යාපනයේ යුද්ධ හමුදා භටපිරිස් විසින් ප්‍රදේශයේ දුෂ්කර පවුලක් සඳහා 698 වන නව නිවස ඉදිකරදෙයි

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථාන බලප්‍රදේශයට අයත් 55 වන සේනාංකය යටතේ ස්ථාපිත 553 වන බලසේනාව යටතේ ඇති 1 වන යාන්ත්‍රීක පාබල රෙජිමේන්තුවේ සහ 10 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ප්‍රදේශයේ පරිත්‍යාගශිලියෙකුගේ අනුග්‍රහය ඇතිව යාපනය, පොට්පති, අම්පන් හී අඩු ආදායම්ලාභි පවුලක් සඳහා නව නිවසක් ඉදිකර දෙන ලදී. ඉකුත් බ්‍රහස්පතින්දා (21) දින පැවති කෙටි උත්සවයකදී එම නව නිවස නිවස් හිමියා වෙත භාරදෙනු ලැබීය.

වර්ෂ 2009 මැයි මාසයේදී එල්ටීටීඊ ත්‍රස්තවාදය අවසන් කිරිමෙන් පසු අර්ධද්වීපයේ අගහිඟකම් ඇති ජනතාවගේ ප්‍රයෝජනය සඳහා යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් ඉදිකරන ලද 698 වන නිවස මෙයයි.  

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත විවිධ අඟහිගකම් මධ්‍යයේ දුෂ්කර ජීවිතයක් ගතකරන මෙම පවුල පිළිබඳ නිරික්‍ෂණය වීමෙන් අනතුරුව යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ගේ ඉල්ලීමකට අනුව දිවයිනේ දකුණු ප්‍රදේශයේ ජීවත්වන කැෂ්මිය ලියනගේ මහතා විසින් මෙම නව නිවස ඉදිකිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගැනීමට අනුග්‍රහකත්වය දක්වන ලදී.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ මඟ පෙන්වීම යටතේ 55 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් මත 553 වන බලසේනාවේ යුද්ධ හමුදා සාමජිකයින් විසින් මෙම ව්‍යාපෘතිය ඔවුන්ගේ තාක්ෂණික හා ඉංජිනේරු කුසලතා උපයෝගී කර ගනිමින් කෙටි කාලයක් තුළදී සම්පූර්ණ කර අවසන් කරනු ලැබීය.

වර්ෂ 2009 මැයි මාසයේදී මානුෂීය මෙහෙයුම් අවසන් කිරිමෙන් පසු, රාජ්‍ය බලධාරීන් සහ පෞද්ගලික ධානපතියන්ගේ අනුග්‍රහය ඇතිව පසුගිය වසර දහය තුළ යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් අර්ධද්වීපයේ අඩු ආදායම්ලාභි පවුල් සඳහා නව නිවාස 697 ක් සෘජුවම ඉදිකර දෙන ලදී. ඒ අනුව පොට්පති හි යුද්ධ හමුදාව විසින් ඉදිකරන ලද 698 වන නිවස තවත් අඩු ආදායම් පවුලක් වෙත පවරා දෙන ලදී.

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ඉදිකරමින් පවතින තවත් නව නිවාස 02 ක් ළඟදීම නිවාස හිමියන් වෙත භාරදීමට නියමිතය. වර්ෂ 2009 සිට 2019 දක්වා කාලය තුළ යාපනය අර්ධද්වීපයේ අඩු ආදායම්ලාභි සිවිල් වැසියන් සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් නව නිවාස 700 ක් ඉදිකර දී තිබේ.

පොට්පති හි ඉදිකළ නව නිවස විවෘත කිරිමේ සමාරම්භක උත්සව අවස්ථාව සඳහා යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්, පරිත්‍යාගශීලීන්ගේ නියෝජිතයින් සහ මරදන්කර්නි ප්‍රාදේශීය ලේකම් කේ. කනගේෂ්වරන් ඇතුළු යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, 551 සහ 553 වන බලසේනාවන්හී බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ප්‍රතිලාභීන්ගේ ඥාතීන් සහ අසල්වාසීන් බොහෝ පිරිසක් සහභාගී වී සිටියහ.

එහිදි කතෝලික පූජකවරයෙකු විසින් ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු යාපනය ආඥාපතිතුමන් නිවාසලාභි පවුලේ සාමාජිකයින් සමඟ සමරු ඵළකය නිරාවරණය කර පීත්ත පටිය කපා නව නිවස විවෘත කළේය. පාසැල් යන දරුවන් සිටින මෙම පවුල වෙනුවෙන් ඉදිකරදුන් මෙම නව නිවස වෙනුවෙන් නිවස් හිමියා යුද්ධ හමුදා සාමාජිකයන්ට එහිදි සිය කෘතඥතාවය ඵළ කර සිටි අතර මෙම මානුෂීය ක්‍රියාව තුළින් නව නවාතැන සමඟ ඔවුන්ගේ ජීවිත දැන් සුරක්‍ෂිත වනු ඇත.bridge media | Nike KD 14 Colorways, Release Dates, Price , Iicf