Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd November 2019 14:45:32 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් නව ආරක්‍ෂක ලේකම් හමුවේ

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිකුරාදා (03) දින මධ්‍යහ්නයේ ආරක්‍ෂක අමාත්‍යංශයේ දී ප්‍රථම වරට නව ආරක්‍ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරාල් කමල් ගුණරත්න හමුවී සුහඳ සාකච්ඡාවක නිරත වූහ.

නව ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් පත්වීමෙන් අනතුරුව ප්‍රථම වරට ආරක්‍ෂක ලේකම් හමුවූ ආරක්‍ෂක අංශ ප්‍රධානින් අතර යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ද විය. එම හමුව අතරතුර දෙදෙනා සුහඳ අඳහස් හුවමාරුවක නිරත වෙමින් ප්‍රධාන වශයෙන් පොදු කරුණු පිළිබඳව අවධානය යොමු කළහ.

මෙම සුහඳ හමුව අවසානයේදී, ගජබා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන (විශ්‍රාමික) මේජර් ජෙනරාල් ගුණරත්න මහතාට යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සුහදතාවයේ සංකේතයක් මෙන්ම අගය කිරිමක් වශයෙන් සමරුතිළිණයක් ප්‍රදානය කරනු ලැබීය. අනතුරුව නව ආරක්ෂක ලේකම් විසින් එතුමන් රචනා කරන ලද වෙළඳ පොලේ ඉහළ ඉල්ලුමක් ඇති ‘ගෝඨාභය’ චරිතප්‍රදාන නම් ග්‍රන්ථයේ පිටපතක් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ප්‍රධානය කළේය. latest Nike Sneakers | adidas Campus 80s South Park Towelie - GZ9177