Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd November 2019 15:00:51 Hours

නව යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න සිය ධූරයේ රාජකාරී අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න අද (22) දින උදෑසන ආගමික වතාවත් මධ්‍යයේ ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මුලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී රාජකාරි ආරම්භ කරන ලදී. 

නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානීතුමන් එතුමන්ගේ කාර්යාලයේදී කාර්ය මණ්ඩලයේ නිධාරීන් පිරිසක් සමඟ එක්ව සාම්ප්‍රදායිකව පොල් තෙල් පහන දැල්වීමෙන් අනතුරුව බුදුන්වැද මහා සංඝරත්නයේ ආශිර්වාද ලබාගත්තේය.

අනතුරුව මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න සංකේතාත්මත නිල ලේඛණයට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.

නව කාර්යාල පරිශ්‍රයේ පැවති මෙම උත්සව අවස්ථාව සදහා එහි සේවයේ නියුතු කාර්ය මණ්ඩලයේ සියලුම මාණ්ඩලික නිලධාරීන් සහභාගි වූහ.

ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න සිය ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේව්ඡා බළසේනාවේ සේනාවිධායක තනතුර හොබවා ඇත. තවද හිටපු නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනිමෙන් අනතුරුව මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න එම ධූරයේ රාජකාරී භාරගන්නා ලදී. latest jordans | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos