Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd November 2019 08:57:51 Hours

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපතිතුමන් සාම්ප්‍රදායික උත්සවයක් පවත්වමින් උණුසුම් අයුරින් පිළිගනී

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති ලෙස මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි ඉකුත් බ්‍රහස්පතින්දා (21) දින සිය කාර්යාලයේ දී පැවති කෙටි උත්සවයකදී යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව තම කාර්යය මණ්ඩලයේ නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් ඉදිරියේ සිය ධූරයේ රාජකාරි භාර ගත්තේය.

උත්සවයේ පළමු අංගය ලෙස වන්නී ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයට සපැමිණි එතුමන් වෙත පිවිසුම් දොරටුව අසලදී කඳවුරු සම්මාන මුරයක් පිරිනැමිණි. ඉන් අනතුරුව රණවිරු ස්මාරකය වෙත සපැමිණි එතුමන් මියගිය රණවිරුවන්ට පුෂ්පෝපහාර දැක්වීය.

අනතුරුව සපැමිණි නව ආඥාපතිතුමන් වෙත 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමන ලදී.

යුද්ධ හමුදා ගෞරවාචාරයන්ගෙන් අනතුරුව ආගමික වතාවත් මෙන්ම සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 19 වන ආඥාපති ලෙස එතුමන් සිය ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී. පසුව නව ආඥාපතිතුමන් මෙම විශේෂ අවස්ථාව සනිටුහන් කිරීම වෙනුවෙන් ප්‍රධාන කාර්යාල සංකීර්ණය ඉදිරිපිට අඹ පැළයක් රෝපණය කළේය, පසුව සෙසු නිල භෝජනාගාරයේ පැවති සියලු නිල තේපැන් සංග්‍රහයට ද එතුමන් සහභාගී විය.

නවතමයෙන් පත්වීම් ලැබු වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් පිළිගැනිමේ උත්සව අවස්ථාව සඳහා සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, ඒ යටතේ ඇති ඒකකයන්හී අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් ද සහභාගී විය.

මෙම අවස්ථාවට සපැමිණි නව ආඥාපති මේජර් ජෙනරාල් ධර්මසිරි ඉදිරි නඩත්තු ප්‍රදේශ (උතුරු මැද) ආඥාපති මේජර් ජෙනරාල් රසික කරුණාතිලක සහ වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් හරේන්ද්‍ර රණසිංහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. bridge media | youth nike kd low tops orange , Nike Air Max , Iicf