Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th November 2019 22:55:20 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් නුදුරේදී විශ්‍රාම යාමට නියමිත ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුට සිය සුභපැතුම් එක්කරයි

දශක තුනකට අධික කාලයක් පුරා තම රට වෙනුවෙන් සිදු කළ නිකලැල් හා කැපවූ සේවය නිම කර නුදුරේදී විශ්‍රාම ගැනීමට නියමිත නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කපිල උදළුපොල වෙත යුද්ධ හමුදාධිපතිතුමන් සිදු කරන ලද ආරාධනයකට අනුව අඟහරුවාදා (19) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවූ අතර එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් එතුමන් වෙත සිය සුභපැතුම් පිරිනමන ලදී.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ නුඳුරේදී විශ්‍රාම යාමට නියමිත ජ්‍යෙෂ්ඨ නිලධාරි අතර යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවති මෙම සුහද හමුවේදී, නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ යුද්ධ හමුදා දිවිය තුලදී සහ ඉන් පරිභාහිරව සිදුවූ අමතක නොවන මතක සටහන් මෙන්ම එතුමන්ගේ අනාගත අපේක්‍ෂාවන් පිළිබඳව ද අදහස් හුවමාරු කරගනු ලැබීය.

මෙම සුහද හමුව අවසානයේ දී, නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට නියමිත ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ අනාගත අපේක්‍ෂාවන් වෙනුවෙන් සිය සුබ පැතුම් එක් කළ යුද්ධ හමුදාධිපතිතුමන් එතුමන්ගේ ආදර්ශමත් සේවය ඇගයූමට ලක් කරමින් සංකේතාත්මක සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය. Adidas shoes | 『アディダス』に分類された記事一覧