Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th November 2019 20:28:36 Hours

නව උසස්වීම් ලැබූ 55 වන සේනාංකයේ සේනාංකාධිපති උණුසුම් අයුරින් පිළිගනී

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ පසුගියදා මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබූ අතර එතුමන් පිළිගැනීමේ සම්ප්‍රදායානුකූල උත්සවය ඉකුත් බ්‍රහස්පතින්දා (14) දින කඩ්ඩෙයිකඩ්ඩු ප්‍රදේශයේ ස්ථාපිත 55 වන සේනාංක මූලස්ථානයේ දී පැවැත්විණි.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි උසස්වීම් ලැබූ සේනාංකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනැමීමෙන් අනතුරුව කඳවුරු පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද උපකරණ ගබඩාව සහ ප්‍රතිසංස්කරණය කරන ලද මූරහල විවෘත කිරීම සඳහා ආරාධනා කරන ලදී.

මෙම අවස්ථාව සඳහා 55 වන සේනාංකය යටතේ සේවයේ නියුතු සියලුම බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරීන් සහභාගි වූහ. best Running shoes | Nike for Men