Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th November 2019 19:10:47 Hours

මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබූ නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක උණුසුම් අයුරින් පිළිගනි

මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබූ බුත්තල නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවි‍ධායක මේජර් ජෙනරාල් ජයනාත් ජයවීර සඳුදා (11) දින එම මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී හමුදා සම්ප්‍රදායානුකූලව සියලු නිලධාරීන් සහ කාර්යමණ්ඩලය එක්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි උසස්වීම් ලැබූ සේනාවිධායකතුමන් හට ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීය. ඉන් අනතුරුව මෙම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ එතුමන් නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ භටපිරිස් ද අමතනු ලැබීය.

අනතුරුව, සේනාවිධායකතුමන් නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ පිහිටි පහසුකම් සංකීර්ණයේ පැවති සියලුනිල තේපැන් සංග්‍රහයකට ද එක්විය. මෙම අවස්ථාවට ප්‍රධාන උපෙද්ශක, ජ්‍යෙෂ්ඨ උපදේශක, අණදෙන නිලධාරී සහ අනෙකුත් නිලධාරීන් ද සහභාගි වූහ.

දවසේ උත්සව කටයුතු දිවා භෝජන සංග්‍රහයකින් නිමාවට පත්විය. ශ්‍රී ලංකා පාබල හමුදාවේ ගෞරවනීය නිලධාරියෙකු වන බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර 2019 නොවැම්බර් මස 8 වන දින මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබීය. Nike air jordan Sneakers | Nike