Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th November 2019 17:55:15 Hours

මහනුවරදී  ලෝක යුධසමයේ මියගිය විරුවන් සහ අනෙකුත් රණවිරුවන් සිහිකරමින් ‘පොපි දිනය’ සමරයි

මහනුවර හිටපු හමුදා සාමාජිකයින්ගේ සංගමය විසින් ඉකුත් ඉරිදා (10) දින මහනුවර මධ්‍යයේ පිහිටි ජෝර්ජ් ද සිල්වා උද්‍යානයේදී ‘පොපි දිනය’ සමරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර උපාලි තෙන්නකෝන් මහතා සහභාගී වු අතර එම අවස්ථාවේදී ලෝක යුද සංග්‍රාමය ඇතුළු යුදබීමේදී මෙතෙක් දිවිපිදු විරෝදාර රණවිරුවන් සහ ක්‍රියාන්විතයේදී අතුරුදහන් වු සහ තුවාල ලැබුවන් සිහිපත් කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ත්‍රිවිධ හමුදා නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිළයින් සහ දිවිපිදු රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් සහභාගී විය. best shoes | Nike Dunk - Collection - Sb-roscoff