Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th November 2019 21:32:08 Hours

භටපිරිස් සහ උපාධි අපේක්‍ෂකයින් සංගීත වැඩසටහනකට එක්වෙයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් කිලිනොච්චි නෙළුම් පියස ශ්‍රවණාගාරයේදී සංවිධානය කරන ලද ‘සංගීත වැඩසහනකට‘ කිලිනොච්චි භටපිරිස් සහ යාපනය විශ්වවිද්‍යාලයේ අරවිල්නගර් පීඨයේ සිසුන් පිරිසක් සහභාගි වූහ.

මෙම සංගීත වැඩසටහන ප්‍රවීණ සංගීතඥ කේ. ප්‍රදීප් බෝගහවත්ත මහතා සහ ක්‍රිෙසන්ඩෝ සංගීත ආයතනයේ සාමාජිකයින් විසින් පවත්වන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති සහභාගි වූ අතර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අනෙකුත් නිලධාරීන් රැසක් ද සහභාගි වූහ. තවද, මෙම සංගීත වැඩසටහන සඳහා 1500 කට අධික පිරිසක් සහභාගි වූහ. bridge media | Air Jordan