Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th November 2019 08:29:52 Hours

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලවේ පැවැති සූපවේදී තරඟාවලියේදී යුද්ධ හමුදා ආහාර සැපයුම් බලඝණයේ සාමාජිකයින් පදක්කම් දිනාගනි

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලවේ ඔක්තෝම්බර් මස 21 සිට 23 දින දක්වා පැවැති සූපවේදී තරඟාවලියට සහභාගි වූ යුද්ධ හමුදා ආහාර සැපයුම් බලඝණයේ සාමාජිකයින් දේශීය සහ විදේශීය තරඟකරුවන් අභිබවා යමින් රන් පදක්කම් 3 ක්, රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනාගැනීමට සමත් විය.

මෙම දැවැන්ත තරඟයේදී යුද්ධ හමුදා සූපවේදීන් පදක්කම් 10 ක් දිනාගැනීමට මිශ්‍ර මධ්‍යසාර පානය, අතුරුපස, පළතුරු සහ එළවළු කැටයම්, නව දේශීය ආහාර වට්ටෝරු සහ විවිධ ඉවුම් පිහුම් ක්‍රම ආදියෙහි සුවිශේෂි කුසලතා පෙන්නුම් කළහ.

පදක්කම්ලාභීන් පහත දැක්වේ;

රන් පදක්කම්ලාභීන්

බළලත් නිලධාරී II එම්.එච්.එස්. බණ්ඩාර - IDL Reserve Flambé Desert (B8)

සාමාන්‍ය සෙබළ බණ්ඩාර - New Sri Lanka Cuisine (B1)

සාමාන්‍ය සෙබළ ඩි.එස්.කේ.ඩබ්ලිව්. සිරිවර්ධන - Flambé Dessert (B8)

රිදී පදක්කම්ලාභීන්

බළලත් නිලධාරී II එම්.වී.එස්. ශ්‍රීකාන්ත - Mocktail (D2)

බළලත් නිලධාරී II එම්.වී.එස්. ශ්‍රීකාන්ත - Cocktail (D4)

බළලත් නිලධාරී II පී.එම්.එස්. පෙරේරා - Fruit and Vegetable Carving (B5)

සැරයන් එස්.එම්.සී.එස්. සේනානායක - Cocktail (D3)

ලෝකඩ පදක්කම්ලාභීන්

බළලත් නිලධාරී II එම්.වී.එස්. ශ්‍රීකාන්ත - Cocktail (D3)

බළලත් නිලධාරී II එම්.එච්.එස්. බණ්ඩාර - Open Cooking (B3)

සැරයන් එච්.පී.ජි. කුලසිංහ - Pen Cooking (B3) Sports Shoes | Nike - Shoes & Sportswear Clothing