Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th November 2019 13:38:26 Hours

22 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරී අරඹයි

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පිහිටි 22 වන සේනාංක මූලස්ථානයේ 24 වන සේනාංකාධිපති ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් අතුල මාරසිංහ ඉකුත් සඳුදා (04) දින රාජකාරී ආරම්භ කරන ලදී.

නවතමයෙන් පත් වූ සේනාංකාධිපති පිළිගැනීමේ උත්සවය 22 වන සේනාංක මූලස්ථානයේ දී විධිමත් ආකරයෙන් පැවැත්විණි. සේනාංක මූලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් 2 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පිරිනමන ලදී.

නව සේනාංකාධිපතිතුමන් සිය කාර්යාලයේදී මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ චාරිත්‍රානුකූලව සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරී භාරගනු ලැබීය.

නව සේනාංකාධිපතිතුමන් මෙම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ අතර ඉන් අනතුරුව, සේනාංකයේ භටපිරිස් ඇමතූ එතුමන් සියලුනිල තේපැන් සංග්‍රහයකට ද සහභාගි වූහ.

මෙම අවස්ථාව සඳහා 221 වන බලසේනාවේ බලසේනාධිපති, 222 වන බලසේනාවේ බලසේනාධිපති, 224 වන බලසේනාවේ බලසේනාධිපති, 22 වන පාබල සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, 22 වන පාබල සේනාංකයේ කර්නල් ස්වේච්ඡා සම්බන්ධීකරණ නිලධාරී ඇතුළු නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. bridge media | Women's Nike Air Jordan 1 trainers - Latest Releases , Ietp