Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th November 2019 18:50:47 Hours

නව යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවැති පළමු සාකච්ඡාවේදී පුහුණු වැඩසටහන් වැඩිදියුණු කිරීම පිළිබඳ සාකච්ඡා කරයි

ශ්‍රී ජයවර්ධනපුර නව යුද්ධ හමුදා මූලස්ථානයේ යුද්ධ හමුදාධිපති කාර්යාලය විවෘත කර අනතුරුව, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදාවේ සියලුම පුහුණු මධ්‍යස්ථානවල දැනට ක්‍රියාත්මක කරමින් පවතින පුහුණු වැඩසටහන් සහ අනෙකුත් වැඩසටහන් පිළිබඳ දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අද (14) දින උදෑසන නව සම්මන්ත්‍රණ ශාලාවේදී සියලුම යුද්ධ හමුදා පුහුණු මධ්‍යස්ථානවල ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මෙම සුහද සාකච්ඡාවේදී, නවීන තාක්‍ෂණයේ දියුණුවට සරිලන පරිදි නිශ්චිත අරමුණු සාක්ෂාත් කරගැනීමේ ප්‍රවේශයන් සහිත උපායමාර්ගික පුහුණු වැඩසටහන් සකස් කිරීමේ වැදගත්කම සහ අනාගතයේ දී යුද්ධ හමුදා නිලධාරීන් තෝරාගැනීම සඳහා ඔවුන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීමේ අවශ්‍යතාව යුද්ධ හමුදාධිපතිතුමන් අවධාරණය කළේය. යුද්ධ හමුදා පුහුණු මධ්‍යස්ථානවල ප්‍රධානීන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත් යුද්ධ හමුදාධිපතිතුමන් පුහුණු මධ්‍යස්ථානවල විවිධ පුහුණු වැඩසටහන් පැවැත්වීම සඳහා උපදෙස් ලබාදුන්හ.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය, නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානය ඇතුළු දිවයින පුරා පිහිටි සියලුම යුද්ධ හමුදා පුහුණු පාසල්හි සේනාවිධායකවරුන් සහභාගි වූහ. Running sports | Zapatillas de running Nike - Mujer