Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th November 2019 23:06:22 Hours

‘ආසියානු පැරා ඔරු පැදීමේ ශූරතාවලිය - 2019’ සඳහා සහභාගී වී රිදී පදක්කමක් හිමිකරගත් යුද්ධ හමුදා සෙබලා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

දකුණු කොරියාවේ චියොන්ජු (Cheongju) හි පැවති ‘ආසියානු පැරා ඔරු පැදීමේ ශූරතාවලිය - 2019’ සඳහා සහභාගී වී සිය දස්කම් විදහාපාමින් රිදී පදක්කමකට හිමිකම් කියු විශේෂ බලකායේ සැරයන් ජේ.එම්.පී ජයකොඩි ඉකුත් බදාදා (13) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත කැඳවා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් ඔහු වෙත සිය සුබ පැතුම් එක් කරමින් ප්‍රශංසා කළේය.

මෙම රිදි පදක්කම් ලාභී සැරයන් 2009 අප්රේල් මස 7 වන දින මානුෂීය මෙහෙයුම් අවසන් අදියරේදී පුතුකුඩිරුප්පූ හි දී තුවාල ලබා ඇති අතර මේ වන විට විශේෂ බලකා මූලස්ථාන බලඇණියට අනුයුක්තව සේවයේ යෙදී සිටී.

යුද්ධ හමුදාධිපතිතුමන් හා ජාත්‍යන්තර ජයග්‍රාහකයා සමඟ පැවති සුහද හමුවේදී ‘ආසියානු පැරා ඔරු පැදීමේ ශූරතාවලිය - 2019’ සඳහා සහභාගී වූ අයෙකු ලෙස ඔහු ලද අත්දැකීම් විමසා මව්බිමට සහ යුද්ධ හමුදාවට ගෞරවයක් එක් කිරිම වෙනුවෙන් එහිදි යුද්ධ හමුදාධිපතිතුමන් ඔහු පැසසුමට ලක් කළේය.

මෙම සුහඳ හමුව අවසානයේදි යුද්ධ හමුදාධිපතිතුමන් විසින් රිදි පදක්කම් ලාභී සැරයන් ජේ.ඒ.එම්.පී ජයකොඩි දිරිමත් කරමින් ඔහු වෙත සමරුතිළිණයක් ප්‍රදානය කළේය. අනතුරුව පදක්කම්ලාභියා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දිරිගැන්වීම වෙනුවෙන් සිය ස්තූතිය පුදකරමින් අනාගතයේදී තවත් මෙවන් ජයග්‍රහණ ලබාගැනිමට කටයුතු කරන බවට එහිදි පොරොන්දු විය.

යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ පැවති මෙම සුහඳ සාකච්ඡාව සඳහා ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නියෝජ්‍ය සේනාවිධායක බ්‍රිගේඩියර් නිශාන්ත වඩුගොඩපිටිය, විශේෂ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් නිශ්ශංක ඊරියගම සහ පදක්කම්ලාභියා ගේ සිවිල් පුහුණුකරු ඇතුළු පිරිස සහභාගී වූහ. Nike shoes | adidas Yeezy Boost 350