Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th November 2019 18:03:47 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් නුදුරේදී විශ්‍රාම යාමට නියමිත මේජර් ජෙනරාල් අනුර සුදසිංහ ගේ සේවය ඇගයුමට ලක්කරයි

දශක තුනකට අධික කාලයක් පුරා තම රට වෙනුවෙන් සිදු කළ නිකලැල් හා කැපවූ සේවය නිම කර තව නොබෝ දිනකින් යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට නියමිත ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අනුර සුදසිංහ වෙත යුද්ධ හමුදාධිපතිතුමන් සිදු කරන ලද ආරාධනයකට අනුව ඉකුත් බදාදා (13) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ නුඳුරේදී විශ්‍රාම යාමට නියමිත ජ්‍යෙෂ්ඨ නිලධාරි අතර යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවති මෙම සුහද හමුවේදී, නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ (නොකැළැල් සේවය ප්‍රශංසාවට ලක් කරමින්) යුද්ධ හමුදා දිවියේ සහ ඉන් පරිභාහිරව සිදුවූ අමතක නොවන මතක සටහන් කිහිපයක් ද සිහිපත් කළහ.

නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට නියමිත ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ අනාගත අපේක්‍ෂාවන් වෙනුවෙන් සිය සුබ පැතුම් එක් කළ යුද්ධ හමුදාධිපතිතුමන් එතුමන්ගේ ආදර්ශමත් සේවය ඇගයූමට ලක් කරමින් සංකේතාත්මක සමරුතිළිණයක් ද ප්‍රදානය කළේය.

මේජර් ජෙනරාල් අනුර සුදසිංහ විශ්‍රාම යන විට ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස සේවය කළහ. එතුමන් සිය යුද්ධ හමුදා දිවිය තුළ කීර්තිමත් තනතුරු රැසක් හොඹවා ඇත. best shoes | Nike Air Max 270