Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th November 2019 22:32:08 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩය මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරී සඳහා දිවයිනෙන් පිටත්වේ

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 243 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා යුද්ධ හමුදා නව සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩය (Combat Convoy Company) අද (13) දින උදෑසන දිවයිනෙන් පිටත්වූහ.

දිවයිනෙන් පිටත්ව යන යුද්ධ හමුදා භටපිරිස් හමුවීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ගුවන් තොටුපල වෙත පැමිණියහ. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 13 ක් නියෝජනය කරන නිලධාරීන් 20 දෙනෙකු සහ සෙසු නිලයන් 223 දෙනෙකුගෙන් සමන්විත මෙම සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩය (Combat Convoy Company) බටහිර අප්‍රිකානු රටක් වන මාලි රාජ්‍යය බලා පිටත්ව ගියහ.

දෙවන අදියර යටතේ ප්‍රථමයෙන් මාලි රාජ්‍ය බලා පිටත්වීමට නියමිත සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩයේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් පී.ජී.සී.එස්. ගාල්ලගේ සහ දෙවනුව මාලි රාජ්‍ය බලා පිටත්වීමට නියමිත සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩයේ දෙවන අණදෙන නිලධාරී මේජර් එන්.වී.එම් විතානගේ ඇතුළු මාලි රාජ්‍ය බලා පිටත්ව යන සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩයේ (Combat Convoy Company) සාමාජිකයින් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත් යුද්ධ හමුදාධිපතිතුමන් ඔවුන් සියලුදෙනාට සුභපැතුම් එක් කළේය.

මීට ප්‍රථම, නොවැම්බර් මස 6 වන දින මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරීන් සඳහා පිටත්ව යන සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩය (Combat Convoy Company) බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපතිතුමන්ට ගෞරවාචාර පිරිනමන ලදී.

විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ නිලධාරීන් සහ සෙසුනිළයින් බහුතරයකින් සමන්විත මෙම සාමසාධක භට කණ්ඩයට, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය, ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය, ශ්‍රී ලංකා සංඥා බළකාය, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, ඉංජිනේරු සේවා බළකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බළකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බළකාය, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය නියෝජනය කරන නිලධාරීන් සහ සෙසුනිළයින් ද ඇතුළත් වේ.

සාමසාධක භටයින් 43 දෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායම නොවැම්බර් මස 12 වන දින දිවයිනෙන් පිටත්ව යන අතර ඉතිරි යුද්ධ හමුදා සාමාජිකයින් 200 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම නොවැම්බර් මස 13 වන දින දිවයිනෙන් පිටත්විය. එසේම, දැනට මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරී ඉටුකරන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් 196 දෙනෙකුගෙන් සමන්විත සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩය (Combat Convoy Company) (පළමු අදියර) බ්‍රහස්පතින්දා (14) දින නැවත දිවයිනට පැමිණිමට නියමිතව ඇත.

ගුවන් තොටුපලේදී පැවැති මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි, විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ආර්.කේ.බී.එස්. කැටකුඹුර සහ විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ප්‍රතාප් තිලකරත්න සහභාගි වූහ. Nike air jordan Sneakers | Nike for Men