Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th November 2019 09:40:04 Hours

නව යුද්ධ හමුදා මූලස්ථානය විවෘත කිරීම සංකේතවත් කරමින් පාපැදි සවාරියක් ආරම්භ කරයි

ශ්‍රී ජයවර්ධනපුර අභිනවයෙන් ඉදිකළ යුද්ධ හමුදා මූලස්ථානය විවෘත කිරීමට සමගාමීව, 53 වන සේනාංක මූලස්ථානයේ මූලිකත්වයෙන් යුද්ධ හමුදා පාපැදිකරුවන් සියගණනකගේ සහභාගීත්වයෙන් පවත්වන ලද පාපැදි සවාරිය දින දෙකක් ඇතුළත කිලෝමීටර් 98 ක් දුරින් පිහිටි පූජනීය ‘ශ්‍රී පාද‘ කඳු මුදුනට ළඟාවීම සඳහා අද (9) දින උදෑසන නව යුද්ධ හමුදා මුලස්ථානය අසලින් ආරම්භ කරන ලදී.

මෙම පාපැදි සවාරියේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී වූ අතර යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුබපැතුම් මධ්‍යයේ නව යුද්ධ හමුදා මූලස්ථානය අසලදී පාපැදි සවාරිය ආරම්භ කෙරිණි. මෙම පාපැදි සවාරිය චිත්ත ධෛර්යය, දරාගැනීම, ශාරීරික යෝග්‍යතාවය, සමගිය සහ සහයෝගීතාවය ගොඩනැගීමේ අරමුණින් සහ ශ්‍රී ජයවර්ධනපුර අභිනවයෙන් ඉදිකළ යුද්ධ හමුදා මූලස්ථානය විවෘත කිරීම සංකේතවත් කරමින් පැවැත්විණි. 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජයශාන්ත ගමගේ ගේ උපදෙස් මත එම සේනාංකයේ යටතේ ස්ථාපිත සියලුම ඒකකයන්හි පාපැදිකරුවන් සියගණනක් මේ සඳහා එක්විය.

පාපැදිකරුවන් මාලිබොඩ දක්වා ගමන් කර පූජනීය ‘ශ්‍රී පාදස්ථානය‘ වැඳපුදා යුද්ධ හමුදාවට සහ නව යුද්ධ හමුදා මූලස්ථානයට ආශිර්වාද ලබාගනු ඇත. මෙම සමාරම්භක උත්සවයට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුව යුද්ධ හමුදා ධජය සහ 53 වන සේනාංක ධජය ඔසවා පාපැදි සවාරිය ආරම්භ කරන ලදී.

එම පාපැදිකරුවන් කොස්ගම, දැරනියගල හරහා මාලිබොඩ දක්වා ගමන් කර එතැන් සිට පා ගමනින් ශ්‍රී පාදස්ථානය දක්වා ගමන් කරනු ඇත. Authentic Sneakers | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals