Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th November 2019 10:10:00 Hours

නව යුද්ධ හමුදා මූලස්ථානය විවෘත කිරීමත් සමඟ අතිගරු ජනාධිපතිතුමන් තවත් බ්‍රිගේඩියර්වරුන් අටදෙනෙකු මේජර් ජෙනරාල් නිලයට උසස් කරයි

නව යුද්ධ හමුදා මූලස්ථානය සිකුරාදා (08) දින විවෘත කිරීමට සමගාමීව ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ නිර්දේශය මත යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර්වරුන් අටදෙනෙකු තාවකාලික මේජර් ජෙනරාල් නිළයට උසස් කිරීම සඳහා වූ නිල ලේඛණය නව යුද්ධ හමුදා මූලස්ථානයේ යුද්ධ හමුදාධිපති කාර්යාලය විවෘත කළ විගසම සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් අත්සන් කරන ලදී.

චාරිත්‍රානුකූලව නව යුද්ධ හමුදා මූලස්ථානය විවෘත කිරීමේ අවස්ථාව සංකේතවත් කරමින් 2019 නොවැම්බර් මස 8 වන දින සිට බලපැවැත්වෙන පරිදි යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර්වරුන් අටදෙනෙකු තාවකාලික මේජර් ජෙනරාල් නිලයට උසස් කරන ලදී.

මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පහතින් දැක්වේ;

24 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජේ.සී. ගමගේ - ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුව

55 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.එන්.එස්. කොටුවේගෙදර - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව

බුත්තල නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් කේ.ජේ. ජයවීර - ශ්‍රී ලංකා පාබල හමුදාව

59 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.එච්.පී.පී. ප්‍රනාන්දු - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව

66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එම්.ඩි. විජේසුන්දර - ශ්‍රී ලංකා පාබල හමුදාව

බුද්ධි අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඒ.එස්. හේවාවිතාරණ - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව

51 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් බී.ඒ.එල්. රත්නායක - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව

52 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එස්.එස්. වඩුගේ - ගැමුණු හේවා බලකාය Best Authentic Sneakers | Sneakers