Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th November 2019 16:04:16 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් සිය භටපිරිස් සමඟ අනාගතයේ දී වඩාත් කැපවීමෙන් සේවය කිරීමට පොරොන්දු විය

“අපගේ හමුදාවන් අනාගතයේ දී මාතෘභූමියේ ආරක්‍ෂාව හා ඒකීයභාවය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් කැපවී විනය හා වෘත්තීය ගෞරවය ආරක්‍ෂා කරනු ඇතැයි මම පොරොන්දු වෙමි” යනුවෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (8) දින අභිනවයෙන් ඉදිකළ ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානය විවෘත කිරීමේ ඓතිහාසික අවස්ථාවේ සිදුකළ කෙටි දේශනයකදී පැවසීය.

“අතීතයේ දී මෙන්ම සෑම බලවේගයකම ‘චතුරංග සේනාව’ යටතේ පෙර රජ දවසේ සිදු වූවාක් මෙන් සෑම විටම පෙරමුණ ගෙන සිටින ත්‍රිවිධ හමුදාවන් එකම වහලක් යටට ගෙන එයි. ආරම්භයේ සිටම මෙම ව්‍යාපෘතිය සාර්ථකව සිදුකරගැනීම සඳහා දේශපාලන නායකයින් සහ රාජ්‍ය අංශයේ නිලධාරීන් විශාල වශයෙන් සහයෝගය ලබාදුන් අතර මෙය යුද්ධ හමුදා ඉතිහාසයේ නව පරිච්ඡේදයක් බවට පත්වන්නේ සියලු බලවේගයන්ගේ ඒකාබද්ධ සේවය වන ආරක්‍ෂක අවශ්‍යතා සම්බන්ධයෙන් ඉහළ ඵලදායිතාවයක් සහ කාර්යක්‍ෂමතාවයක් ඇති කළ හැකි බැවිනි. සියලු පරිපාලනමය අභියෝග මධ්‍යයේ වුවද රජය මෙම ඉදිකිරීම සඳහා විශාල වියදමක් දැරීය” යනුවෙන් ද එතුමන් මෙහිදී අවධාරණය කළේය.

“මෙම ව්‍යාපෘතිය සඳහා අතිගරු ජනාධිපතිතුමන් දැක්වූ කැපවීම මෙන්ම මහල් 10 කින් සමන්විත අතිවිශිෂ්ට ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා ත්‍රිවිධ හමුදා ඉංජිනේරු විශේෂඥයින්, රාජ්‍ය හා පෞද්ගලික අංශ ආයතන විසින් කරන ලද දායකත්වය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කෘතඥ පූර්වකව සිහිපත් කරමි. මෙම ඓතිහාසික අවස්ථාවේදී, අනාගතයේ දී මාතෘභූමියේ ආරක්‍ෂාව හා ඒකීයභාවය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් කැපවී විනය හා වෘත්තීය ගෞරවය ආරක්‍ෂා කරනු ඇතැයි මම පොරොන්දු වෙමි” යනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් පැවසීය. Buy Sneakers | adidas Yeezy Boost 350