Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th October 2019 14:30:00 Hours

ලුතිනන් ජෙනරාල් දිලීප් සිංග් ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ 70 වන සංවත්සර අභිමානවත් අයුරින් සමරයි

ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ 70 වන සංවත්සර උත්සවය දොඹගොඩ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේදී ඉකුත් සදුදා (14) දින අති උත්කර්ෂවත් අයුරින් පැවැත් වූ අතර සංවත්සර උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දීය යුද්ධ හමුදාවේ යුධෝපකරණ බලකායේ කර්නල් සේනාවිධායක මෙන්ම යුධෝපකරණ සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් ලුතිනන් ජෙනරාල් දිලිප් සිංග් රාතෝර් වී.එස්.එම් (Lieutenant General Dalip Singh Rathore) සහභාගී විය.

සංවත්සර උත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් ඉන්දීය හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත හමුදා සම්ප්‍රදායානුකූල කදවුරු සම්මාන මුරයේ සහ සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පුද කළේය. ඉන් අනතුරුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා පරිශ්‍රයේ පිහිටි කර්මාන්ත ශාලාව, යුධෝකරණ බලකා පුහුණු පාසලේ නිදර්ශන කුටි සහ නවතමයෙන් ඉදිකරනු ලැබු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සංචාරය කළ එතුමන් මෙම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කරන ලදී.

අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් එච්.ජී.අයි විද්‍යානන්ද හා සංචාරයක නියුතු ‍ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් සුහද සාකච්ඡාවක් ද පැවැත් වූහ.

එදින සන්ධ්‍යාවේ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා මූලස්ථාන නිලධාරී නිවස්නයේ පැවති රාත්‍රි භෝජන සංග්‍රහයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දීය යුද්ධ හමුදාවේ යුධෝපකරණ බලකායේ කර්නල් සේනාවිධායක මෙන්ම යුධෝපකරණ සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් ලුතිනන් ජෙනරාල් දිලිප් සිංග් රාතෝර් වී.එස්.එම් (Lieutenant General Dalip Singh Rathore) සහ එම මැතිණිය සහභාගි වූහ. Adidas shoes | FASHION NEWS