Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th October 2019 20:13:27 Hours

651, 652 සහ 653 වන බලසේනාවන්හි මූලිකත්වයෙන් ‘ශ්‍රමදාන’ ව්‍යාපෘතීන් කිහිපයක් දියත් කරයි

සිවිල් ප්‍රජාව පදනම් කරගත් ව්‍යාපෘතීන් තවදුරටත් පුළුල් කරමින්, 11 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ සහ 20 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් සිවිල් ජනතාවත් ත්‍රිවිධ හමුදාවත් අතර පවත්නා සුහදතාවය සහ අවබෝධතාවය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ පරමාර්ථයෙන් සැප්තැම්බර් මස 28 දින සිට ඔක්තෝබර් මස 03 දින දක්වා කරියලනගපඩ්ඩුවාන් ශ්‍රී ඥාණවීරවන් කෝවිල, හරිදාස්කුඩිඉරිප්පු ප්‍රජා මධ්‍යස්ථානය සහ අනවිලන්දන්කුලම් රෝමානු කතෝලික දේවස්ථානය යන පොදු ස්ථානයන් පිරිසිදු කිරීමේ ‘ශ්‍රමදාන’ ව්‍යාපෘතීන් කිහිපයක් දියත් කරනු ලැබීය.  

651 සහ 652 වන බලසේනා යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 53 දෙනෙකු සමඟින් ප්‍රදේශයේ සිවිල් වැසියන් 40 දෙනෙකු ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව මෙම ව්‍යාපෘතින් සඳහා සහයෝගය දැක්විය.  

මේ අතර, ඔක්තෝබර් මස 4 සහ 5 දිනයන්හි 651, 652 සහ 653 වන බලසේනා මුලස්ථාන යටතේ ස්ථාපිත 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, 11 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුව සහ 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් කරියලනගපඩ්ඩුවාන් ශ්‍රී ඥාණවීරවන් කෝවිල, හරිදාස්කුඩිඉරිප්පු ප්‍රජා මධ්‍යස්ථානය සහ පලෙයිනගර් තමිල් අලගන් පෙර පාසල් පරිශ්‍රය යන ස්ථානයන් පිරිසිදු කිරීමේ ‘ශ්‍රමදාන’ ව්‍යාපෘතින් කිහිපයක් පැවැත්විණි.  

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම ගේ අධික්‍ෂණය යටතේ 651, 652 සහ 653 වන බලසේනාවන්හී බලසේනාධිපතිවරුන්ගේ සම්බන්ධීකරණයෙන් මෙම ‘ශ්‍රමදාන’ ව්‍යාපෘතින් දියත් කරන ලදී. Best jordan Sneakers | Ανδρικά Nike