Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th October 2019 11:00:05 Hours

62 වන සේනාංකය සහ 213 වන බලසේනාව එක්ව ඇතුගස්වැව ප්‍රදේශයේ සිසු සිසුවියන්ට සහ ගර්භනී කාන්තාවන්ට සුභසාධන ව්‍යාපෘතීන් දියත් කරයි

21 වන සේනාංකය සහ 213 වන බලසේනාව විසින් සංවිධානය කරන ලද වැඩසටහන් මගින් වන්නි ප්‍රදේශයේ අධ්‍යාපනය හදාරන අඩු ආදායම්ලාභි පවුල්වල සිසු සිසුවියන්ට උපකාර කිරීම හා ඔවුන් දිරිගැන්වීම සඳහා ඉකුත් සෙනසුරාදා (5) දින නෙරියකුලම් සෙල්වටෝරියන් ළමා නිවාසයේදී උත්සවයක් පැවැත්විණි.

213 වන බලසේනාවේ භටපිරිස් පරිත්‍යාගශීලියෙකු වන සුදේෂ් එරංග මහතාගේ අනුග්‍රහය ඇතිව ළමා නිවාසයේ සිටින සියලුම දරුවන්ට රසවත් දිවා ආහාරවේලක් ලබාදීමෙන්ම අනතුරුව ළමුන් සඳහා පාසල් උපකරණ ඇතුළු තෑගි පාර්සල් ප්‍රදානය කරන ලදී.

213 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.ඒ.එන්. රසික කුමාර ගේ අධීක්‍ෂණය යටතේ දියත් කරනු ලැබු මෙම වැඩසටහන සඳහා 213 වන බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.

මේ අතර, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකය දේවගිරි රාජමහා විහාරස්ථානයේ පැවති උත්සවයකදී ඇතුගස්වැව ප්‍රදේශයේ ගර්භනී කාන්තාවන් 50 කට අධික පිරිසක් සඳහා පෝෂ්‍යදායි වියළි සලාක සහ ළදරු රැකවරණ උපාංග ඇතුළු ත්‍යාග පාර්සල් තොගයක් පරිත්‍යාග කරන ලදී.

62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ධම්මික ජයසිංහ කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මෙම ව්‍යාපෘතිය සඳහා කඩුගන්නාව ප්‍රදේශයේ කේ. ඒ ප්‍රියන්ත දයානන්ද මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් විසින් අනුග්‍රාහකත්වය ලබාදුන්හ. මෙම පරිත්‍යාග උත්සවය ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් විසින් සංවිධානය කරන ලදී.

මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා 621 වන බලසේනාවේ බලසේනාධිපති, නිලධාරීන්, සෙසුනිලයින්, වෛද්‍ය නිලධාරී, සම්පත්නුවර රෝහලේ කාර්ය මණ්ඩලය, පරිත්‍යාගශීලීන් සහ සිවිල් වැසියන් විශාල පිරිසක් සහභාගි වූහ. Sports brands | GOLF NIKE SHOES