Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th October 2019 16:00:36 Hours

දිවා ආහාර පහසුකම් සහිත ගුවන් තොටුපලේ සංචාරයක්

යාපනය දිස්ත්‍රික්කයේ පිහිටි ‘කට්කෝලම්’ මෙතෝදිස්ත දමිළ මිශ්‍ර විද්‍යාලයේ සිසු සිසුවියන්ගේ ඉල්ලීමකට අනුව 2019 - ලෝක ළමා දිනයට සමගාමීව ඔවුන් වෙත පලාලි ගුවන් තොටුපලේ සංචාරයක් වෙනුවෙන් පහසුකම් සලසා දීමට යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් ඉකුත් සිකුරාදා (4) දින කටයුතු කරන ලදී.

ඒ අනුව පලාලි ගුවන් තොටුපල නැරඹීම වෙනුවෙන් එම පාසලේ සිසු සිසුවියන් 70 දෙනෙකු ඇතුළු ගුරු මණ්ඩලය සහ දරුවන් සමඟ ඔවුන්ගේ දෙමාපියන් ද සහභාගි වුහ. එම අවස්ථාවට සහභාගී වූ සිසු සිසුවියන් සඳහා පාසල් ලිපි ද්‍රව්‍ය අඩංගු පාර්සල් ලබාදී ඔවුන් වෙත ප්‍රනීත දීවා අහාර වේලක් ලබාදීමට ද යුද්ධ හමුදා තල් සෙවන නිවාඩු නිකේතනයේදී පහසුකම් සලසා තිබිණි. එහිදී එම සිසු සිසුවියන්ගේ විනෝදාස්වාදය සඳහා ඔවුන්ට ළමා චිත්‍රපටයක් නැරඹීමටද ඉඩ ප්‍රස්ථාවක් උදා කර දුන්හ.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය සහ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් පලාලි ගුවන්තොටුපල නැරඹීමට පැමිණි සිසු සිසුවියන් සහ ගුරුවරුන් සමඟින් සුහඳ පිළිසඳරක ද නිරත විය. latest jordans | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos