Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th October 2019 17:30:59 Hours

කිලිනොච්චියේදී ‘අංගම්පොර’ ආත්මරක්‍ෂක සටන් කලා මුලික පාඨමාලා අංක 2 ආරම්භවේ

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් මත කිලිනොච්චි ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ශාරීරික ශක්තිය, අත්ම විශ්වාසය, චිත්ත ධෛර්යය සහ ඉවසීම ප්‍රවර්ධනය කිරීම සඳහා මෙන්ම පෞරාණික ආත්මාරක්‍ෂක සටන් කලාව හඳුන්වාදීම සහ ප්‍රචලිත කිරීමේ අරමුණින් ‘අංගම්පොර’ දේශිය ආත්මාරක්‍ෂක සටන් කලා මුලික පාඨමාලා අංක 2 කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී ආරම්භ කෙරිණි.

මෙම පාඨමාලාවේ සමාරම්භක උත්සවය ඉකුත් බ්‍රහස්පතින්දා (3) දින දස බල රාවණා පර්යේෂණ හා සංරක්‍ෂණ අංගම්පොර ගම්මානයේදී පැවැත්විණි. සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සහභාගී වූ අතර තවද එම අවස්ථාව සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

මෙම පාඨමාලාවේ අංගම්පොර උපදේශක ලෙස රිටිගල සින්හක්කර පරපූරේ කාලකීර්ති කාලවිභූෂණ දේවින්ද ලක්සිරි රණසිංහ කටයුතු කරන අතර මෙම පාඨමාලාව සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත ඒකකයන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 32 ක් සහභාගි වූහ. url clone | Nike