Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th October 2019 12:14:14 Hours

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති සහ යුද්ධ හමුදාධිපති අතර සුහද සාකච්ඡාවක්

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති එයාර් වයිස් මාර්ෂල් එච්.එම්.එස්.කේ.බී. කොටකදෙණිය ඉකුත් සිකුරාදා (04) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

මෙම සුහද සාකච්ඡාව අතරතුරදී, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලා සහ හමුදා වෘත්තියට අදාළ පුහුණු වැඩසටහන් පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් පුහුණුවීම් වැනි පොදු කරුණු පිළිබඳ දෙපාර්ශවය අතර අදහස් හුවමාරු කරගත්හ. මෙහිදී, උපකුලපතිවරයා ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදාධිපති ධූරයට පත්වීම පිළිබඳ සිය සුබපැතුම් එක් කළේය.

මෙම සුහද හමුව අවසානයේ, සුහදත්වය සංකේතවත් කරමින් දෙපාර්ශවය අතර සමරුතිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. affiliate tracking url | Air Jordan 5 Raging Bull Toro Brovo 2021 DD0587-600 Release Date Info , Iicf