Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd October 2019 13:35:30 Hours

54 වන සේනාංකයේ 9 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත මන්නාරම, තල්ලඩි ප්‍රදේශයේ ස්ථාපිත 54 වන සේනාංක මූලස්ථානයේ 9 වන සංවත්සරය වැඩසටහන් මාලාවක් සමගින් අභිමානවත් අයුරින් සමරනු ලැබීය.

සංවත්සරයට සමගාමීව සියලුම ආගමික වතාවත්, මන්නාරම වැඩිහිටි නිවාසයේ නේවාසික රැඳවියන් සියදෙනෙකුට දිවා ආහාර පිරිනැමීම, මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුන් සිහිපත් කිරීම, සර්ව රාත්‍රික සෙත් පිරිත් සජ්ඣායනාවක්, බෞද්ධ භික්‍ෂුන් වහන්සේලාට දානමය පිංකමක්, නිලධාරීන් හා ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන්ගේ සුහද හමුව, සිවිල් සේවක සුහද හමුව, නිලධාරීන් සමඟ පැවති බළලත් නිලධාරීන් සහ සැරයන්වරුන්ගේ සුහද හමුවක්, එම සේනාංකයේ නවතමයෙන් ඉදිකරනු ලැබු නාම පුවරුව විවෘත කිරීම ඇතුළු තවත් සමාජ සුභසාධන වැඩසටහන් කිහිපයක් දියත් කරනු ලැබීය.  

සංවත්සර දිනයේ, 54 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ.ඒ.අයි.ජේ. බණ්ඩාර වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමනු ලැබු අතර එතුමන් භටපිරිස් ද අමතනු ලැබීය.

මෙම සංවත්සර වැඩසටහන් සඳහා බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගි වූහ. Buy Sneakers | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News