Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th October 2019 15:54:36 Hours

ගිරිතලේ දී ආධුනික පුහුණු පාඨමාලාව හැදෑරු තවත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සෙබළුන් පිරිසක් විසිරයයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ ආධුනික පුහුණු පාඨමාලා 2019 – 1 යටතේ සාර්ථකව පුහුණුව හැදෑරු ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ ආධුනික සෙබළුන් 98 දෙනෙකු, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ ආධුනික සෙබළුන් 03 ක් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකායේ ආධුනික සෙබලෙකු පසුගියදා ගිරිතලේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසලේ දී විසිරයනු ලැබීය.

මාස තුනකට අධික කාලයක් පුරා සාර්ථකව පුහුණුව හදාරා විසිරයන ආධුනික සෙබළුන්ගේ විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා වත්කම් කළමනාකරණ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඊ.ආර්.පී. වීරවර්ධන සහභාගි විය.

එම අවස්ථාවේදී විවිධ ක්‍ෂේත්‍රයන් ඔස්සේ විශිෂ්ට දක්‍ෂතා දැක්වූවන්ට විශේෂ කුසලතා සම්මාන පිරිනමන ලදී.

පාඨමාලාවේ හොඳම ඛණ්ඩභාර නිලධාරී ලෙස දෙවන ලුතිනන් එස්.පී.ඒ.එස්. දිසානායක සම්මාන හිමිකරගත්හ. තවද, පාඨමාලාවේ හොඳම ඛණ්ඩභාර නිලධාරී ලෙස මාණ්ඩලික නිලධාරී කේ.ආර්.ජි.ඩි. වීරසිංහ සම්මාන හිමිකරගත් අතර හොඳම පෙළ අණදෙන්නා ලෙස කෝප්‍රල් එච්.එම්.එම්.එස්. අබේරත්න බණ්ඩාර සම්මාන හිමිකරගත්හ. පාඨමාලාවේ හොඳම ශාරිරික අභ්‍යාස උපදේශක ලෙස කෝප්‍රල් එස්.එම්.බී. දිසානායක තේරීපත්වූ අතර සෑම අතින්ම අතීශූර සෙබලා ලෙස සාමාන්‍ය සෙබළ ආර්.එම්.සී.ඩි. රත්නායක සම්මාන හිමිකරගත්හ. එමෙන්ම, පාඨමාලාවේ හොඳම වෙඩික්කරු ලෙස සාමාන්‍ය සෙබළ ඊ.එම්.ඒ.එම්. වීරකෝන් සම්මාන හිමිකරගනු ලැබීය.

මෙම විසිරයාමේ පෙළපාලිය නැරඹීම සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, දෙමාපියන් සහ ආරාධිතයින් රැසක් සහභාගි වූහ. buy footwear | Air Jordan