Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th October 2019 16:26:33 Hours

යාපනය ආරක්‍ෂක සේනා මුලස්‍ථානය සමඟ 55 වන සේනාංකය එක්ව ‘තුරුලිය වෙනුවෙන් අපි‘ ව්‍යාපෘතියට තවත් පැ‍ළ 5000 ක් ලබාදේ

යාපනය ආරක්‍ෂක සේනා ආ‍ඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය, දෙරණ රූපවාහිනි මාධ්‍යජාලය සහ අනෙකුත් පරිත්‍යාගශීන් සමඟ සම්බන්ධතාවයෙන් යුද්ධ හමුදාව විසින් මේ වනවිට ක්‍රියාත්මක කරනු ලබන ‘තුරුලිය වෙනුවෙනු අපි’ රුක් රෝපණ ව්‍යාපෘතියට තවත් පැළ 5000 ක් 55 වන සේනාංක මූලස්ථානයේදී භාරදෙන ලදී.

විල්පත්තු රක්‍ෂිතයේ පැළ මිලියනයක් රෝපණය කිරීමේ ව්‍යාපෘතියට දායකත්වය දක්වමින් ඉකුත් බ්‍රහස්පතින්දා (03) දින මෙම පැළ තොගය පරිත්‍යාග කරන ලදී. මෙම විශේෂ වැඩසටහන 55 වන සේනාංකය යටතේ ස්ථාපිත 553 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 1 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව විසින් සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා 55 වන සේනාංකයේ සේනාංකා‍ධිපති, ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්, නිලධාරීන් සහ දෙරණ මාධ්‍යය ජාලයේ සාමාජිකයින් සහභාගි වුහ. Best jordan Sneakers | UOMO, SCARPE