Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd October 2019 13:35:00 Hours

වන්නි භටපිරිස් ‘පවුල් සබඳතා’ පිළිබඳ දේශනයකට සවන්දෙයි

ලෝක ළමා දිනයට සමගාමීව වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ගේ අධීක්‍ෂණය යටතේ එම ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබූ ‘දෙමාපියන් සහ දරුවන් අතර පවුල් සබඳතා ප්‍රවර්ධනය කිරීම’ පිළිබඳ විශේෂ දේශනයක් ඉකුත් බ්‍රහස්පතින්දා (03) දින වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ‘සුමිතුරු දැයකින් - දිනවමු දරුවන්’ ව්‍යාපෘතියේ යටතේ ලෝක ළමා දිනයට (ඔක්තෝබර් 01) සහ ලෝක මත්ද්‍රව්‍ය විරෝධී දිනයට (ඔක්තෝබර් 03) සමගාමීව සංවිධානය කරනු ලබන වැඩසටහන් අතරින් එකක් ලෙස මෙම දේශනය සංවිධානය කරන ලදී.

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ඉල්ලීමකට අනුව, යුද්ධ හමුදා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ආර්.එම්.පී.ජේ.රත්නායක ගේ මඟපෙන්වීම මත දියත් කරනු ලැබූ මෙම දේශනය සඳහා වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 750 කට අධික පිරිසක් සහභාගී වූහ.

දෙමව්පියන්ගේ පූර්ණ අවබෝධය ඇතිව දරුවන්ගේ ජීවිතය සදාචාරාත්මකව ගුණවත් එකක් බවට පත් කිරීමේ අරමුණින් පැවැත්වූ මෙම හරවත් දේශනය මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂක මණ්ඩලයේ රාජකාරී කරන ජාතික ශිෂ්‍යභට බලකායේ ලුතිනන් කර්නල් බී.ජී.එස්. සමන්ති විසින් මෙහෙයවන ලදී.

මෙම අවස්ථාව සඳහා වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයින් විශාල පිරිසක් සහභාගි වූහ. Authentic Nike Sneakers | Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth